මත්තල ගුවන්තොටුපලේ ආයෝජනය කිරීම සඳහා අභිලාෂ කැඳවීම ඉන්දියාවේ විශේෂ අවධානයට..
ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළක් තම පාලනයට ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති බව ඉන්දීය පුවත්පතක් වන Times of India පුවත්පත අද දින(2026 මැයි 18) වාර්තා කර ඇත.
වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ පරමාර්ථයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් විවිධ අංශ කිහිපයක් යටතේ ආයෝජනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇත.
වසර 99ක බදු කාල සීමාවක් සඳහා හම්බන්තොට වරාය සම්පූර්ණ පාලනය චීනයට ලබා දී ඇති පසුබිමක් යටතේ ඊට කිලෝමීටර විස්සකට පමණ දුරින් පිහිටා ඇති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආයෝජන සඳහා අභිලාෂ කැඳවීම ඉන්දියාවේ විශේෂ අවධානයට ලක්වී ඇත.
පසුගිය මාසයේදී කොළඹ වරාය ඇතුලෙහි පිහිටා ඇති Colombo Dockyard සමාගමේ බහුතර කොටස් අයිතිය ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශයට අයිති Mazagon Dock Shipbuilders විසින් හිමිකර ගෙන ඇති තත්ත්වයක් තුළ චීන පාලනය යටතේ පවතින හම්බන්තොට වරායේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටා ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාලන බලය ඉන්දියාවට හිමි කර ගත හැකිවුවහොත් මෙම කලාපය භූ දේශපාලනික බල තරඟය හමුවේ ඉන්දියාව ලබන අතිශය ඉහළ ජයග්‍රහණයක් වනු ඇත.
චීන එක්සිම් බැංකුවෙන් ලද ණය පහසුකම් යටතේ 2013 වර්ෂයේ දී ඉදි කරන ලද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන භූ දේශපාලනික බලපොරයේ ඊළඟ දිශානතිය තීරණය කරනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..