'සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' කියල මොන නම කිවුවත් එකයි.. හෙට යුද්ධය වෙනුවෙන් මැරුණු මිනිස්සු සමරන දිනයක්.. - මාලිමා මන්ත්‍රී
සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස කුමන නමකින් හැඳින්වුවද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන පනාගොඩ මහතා ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් පුරා මෙරට පැවති යුද්ධයේදී එකම රටක මිනිසුන් දෙපිරිසකට බෙදී සිටි බවත්, හමුදා සාමාජිකයන් මෙන්ම අනෙක් පාර්ශ්වයේ සිටි පිරිස් ද මෙම යුද්ධයේ කොටස්කරුවන් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම යුද්ධය හේතුවෙන් අවසානයේ පීඩාවට පත් වූයේ මෙරට සමස්ත මහජනතාව බවත්, යුද්ධය නිම වී ඇති බැවින් රජයක් ලෙස එම යුද්ධයේදී කැපකිරීම් කළ සැමට හිමිවිය යුතු ගෞරවය ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ රටේ ඕනෑම පුද්ගලයෙකු නීතියට යටත් විය යුතු බවයි.
"කිසිවෙකු රජයේ සිවිල් නීති උල්ලංඝනය කරන්නේ නම්, ඔහු සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියෙකු ලෙස තම වගකීම පැහැර හැරිය අයෙකු බවට පත් වේ. ඒ අනුව ඔහු රණවිරුවෙකු වුවද, ජනාධිපතිවරයා වුවද නීතියට වගකිව යුතුය" යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
හමුදා සේවයේ නිරතව සිටීම යනු කිසිසේත්ම රටේ සාමාන්‍ය නීතිය මඟහැර යාමට ලබාගන්නා සුදුසුකමක් නොවන බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..