ඉන්ධන, ගෑස් මිල යළිත් වෙනස් කරන්න වෙයි.. සියළු බර ජනතාවට දාන්නෑ.. - මන්ත්‍රී චන්දන සූරියආරච්චි
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් මත ඉදිරියේදී ඉන්ධන සහ ගෑස් මිලෙහි යම් වෙනස්වීම් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ස්ථාවර වන තෙක් මෙම අවදානම පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මැයි මාසය වන විට ඉන්ධන ආනයනය සඳහා වැය කරන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන පහකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.
මෙහිදී ඇතිවන අමතර වැය බර පියවා ගැනීමට රජයට සිදුවන නමුත්, එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමට රජය කටයුතු නොකරන බව ඔහු අවධාරණය කළේය.
ඒ වෙනුවට රජය, තෙල් සංස්ථාව සහ පාරිභෝගික ජනතාව යන පාර්ශව තුනම මෙම වැය බර බෙදා ගන්නා ක්‍රමවේදයක් දැනට කළමනාකරණය කරමින් පවතින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පවතින මිල තත්ත්වයන් යටතේ වුවද රජය විශාල සහනයක් ජනතාවට ලබා දෙන බවත්, දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක බරක් භාණ්ඩාගාරය විසින් දරනු ලබන බවත් ඔහු අනාවරණය කළේය.
ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව යම් මිල සංශෝධන කිරීමට සිදු වුවද, එහි 100%ක බර මහජනතාව මත පැටවීම වැළැක්වීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..