News Category
From Date
To Date
Maximum Number of Result

අන්තවාදීන්ට පුරාවිද්‍යා පනත උල්ලංගනය කරීමට ඉඩදී බලාගෙන සිටින්නේ ඇයිදැයි නීතීඥ එස් කේ ඒ එස් සේනානායක මහතා ප්‍රශ්න කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි.

මේ රටේ සිදුවන සිදුවීම් තුළින් යමක් වටහා ගත හැකි බවත්, එනම් මේ යන ගමන හොඳ නැති බවත් පූජ්‍ය කොටුපිටියේ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසම තීරණය කර තිබේ.

දිට්වා සුළි කුනාටුව නිසා හානියට පත් වූ දුම්රිය මාර්ග කිසිවක් මේ වන තෙක් ප්‍රතිසංස්කරණය කර ෙනාමැති බවත්, ගංවතුර නිසා කුණු රොඩු, ගල් ආදියෙන් අවහිර වූ මාර්ග පමණක් පිරිසිදු කර ඇති බවත් අන්තර්ජාල වීඩියෝවක් හරහා අනාවරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට “ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව” නිර්දේශ කර ඇත.

තැපැල් ගාස්තු හෙට (09) වැනිදා සිට ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.