News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නම් කරනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ලොව පුරා සිටින වෘත්තීය සමිති, දේශපාලන පක්ෂවලින් සැදුම් ලත් ව්‍යාපාරයක් විසින් ජාත්‍යන්තර සාමයේ සහ යුක්තියේ කුළුණක් ලෙස පිළිගන්නා කියුබාව, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස එක්සත් ජනපදයේ නම් කිරීම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ලබන සඳුදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

තරුණයකු මරණයට පත්කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට නියම කොට තිබූ වසර පහ බැගින් වූ සිර දඬුවම් ස්ථිර කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ සිරදඬුවම් වහාම ක්‍රියාත්මක කිරීමට ඊයේ (25දා) නියෝග කළේය.

පොලිස්පතිවරයාගේ ධූරය අත්හිටුවීමට අධිකරණයට කිසිදු බලයක් නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.