News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව, එය තමන්ට 'කළු දිනයක්' බව පවසමින් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චිය නගරයේදී අද (04) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණි.

අරගලයේ දී පාර්ලිමේන්තුවට පහරදීමට පැමිණෙන්නැයි පවසද්දී ගෝල්ෆේස් අරගලකරුවන් එයට සහභාගිවීමට නොගිය බවත්, බංග්ලාදේශයේ සිදුවූ විනාශය වැනි විනාශයක් ලංකාව තුළ සිදු නොවූ බවත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

ලාංකීය පුරවැසියන් කිසිදු දිනෙක උපන් බිමේ සැබෑ හිදහස අත්විඳ නොමැති බවත්, අතීතයේ සිටම 'මවුබිම වෙනුවෙන් තම ජිවිත පුදදුන් විරුවන් බිහි වූ දේශයක "අධිරාජ්‍යවාදී ඊනියා නිදහසේ" හෝ උරුමකරුවන් බවට මහජනතාව පත් කිරීමට පාලකයන් විසින් කිසිදු විටෙක ක්‍රියා කර නොමැති බවත් දෙවන පරපුර පක්ෂය පවසයි.

හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කථානායකවරයාගේ නිල කාර්යාලය භාවිතා කළ යුත්තේ රජයේ නිල කටයුතු සඳහා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ් මහතා ප්‍රකාශ කළේ, 2026 පෙබරවාරි 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය “කළු දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.

78 වැනි ජාතික නිදහස් දිනය අදයි.

එක්සත් ජනපදයේ අරමුදල් හිඟයක් හේතුවෙන් රජය අර්ධ වසා දැමීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තම ෆේස්බුක් පිටුවේ යාවත්කාලීන කිරීම් තාවකාලිකව අඩුකරන බව නිවේදනය කළේය.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.