රුසියාවේ ලුගාන්ස්ක් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදු නොවීමට මැදිහත් වන්න.. - ජාතික සංවිධාන කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි
රුසියාවේ ස්ටාරොබෙල්ස්ක් ප්‍රදේශයේ ලුගාන්ස්ක් ප්‍රාන්ත අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදු නොවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය සහ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය යන සංවිධාන විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියේ සිංහල පරිවර්තනය සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත්කර ඇති ලිපිය පහළින්..
ගරු මහ ලේකම් තුමා,
එකසත් ජාතීන්ගේ සංවිධානය,
නිව්යෝක්,
ගරු මහ ලේකම්තුමනි,
රුසියාවේ ස්ටාරොබෙල්ස්ක් ප්‍රදේශයේ ලුගාන්ස්ක් ප්‍රාන්ත අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදු නොවීමට මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි!
පසුගිය මැයි මැයි 22 වනදා රාත්‍රියේ, යුක්රේන හමුදා විසින් රුසියාවේ ලුගාන්ස්ක් ප්‍රාන්තයේ ස්ටාරොබෙල්ස්ක් නුවර පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාල ගොඩනැගිල්ලකට සහ එහි නේවාසිකාගාරයකට ඩ්‍රෝන යානා 4ක් යොදාගෙන එල්ල කෙරුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ලෝක ජනයාගේ හදවත් කම්පනයට පත් කරවූ බව ඔබද දැනුවත් කාරණයකි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය,වයස අවුරුදු 14 ත් 18 ත් අතර වයසේ පසුවන ළමුන් 86 දෙනෙකු ලැගුම් ගත් පස් මහල් නේවාසිකාගාරයකට එල්ල වූ අතර ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිල්ල දෙවන මහල දක්වාම කඩා වැටී තිබේ.
විශේෂතම කාරණය නම් එම විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල තුළ නේවාසිකව සිටි කිසිවෙකු යුද්ධයට සම්බන්ධ අය නොවීමත් එම ප්‍රදේශය අවට කිසිදු මිලිටරි කඳවුරක් ද නොතිබීමත්ය. ඒ අනුව ප්‍රහාරය සිදූවූ ආකාරය සැලකිල්ලට ලක් කිරීමේදී, ප්‍රහාරය කිසිසේත්ම අහම්බයක් විය නොහැකි සිවිල් වැසියන් විශේෂයෙන්ම ළමුන් ඉලක්ක කරගෙන හිතාමතාම එල්ල කළ නාසි පන්නයේ ප්‍රහාරයක් බව ඔබටද වැටහෙනවා යැයි අපි විශ්වාස කරමු.
යුධ පිටියේදී පරාජයන්ට මුහුණ දෙන යුක්රේන පාලනය, දැන් අනාරක්ෂිත දරුවන් සහ සිවිල් පුරවැසියන් ඉලක්ක කර අමානුෂික ප්‍රහාර මුදාහරිමින් සිටින බවට මේ වන විට කීර්තිමත් යුද විශ්ලේෂකයෝ මත පල කර සිටිති.
නේටෝ (NATO) රටවල් විසින් යුක්රේනයට ලබා දී ඇති දිගු දුර අවි සහ ඩ්‍රෝන යානා මඟින් එල්ල කරන මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට බටහිර රටවල යුද විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ලැබෙන බවද බොහෝ යුද විශේෂඥයෝ මේ වන විට අවධාරණය කර තිබේ..
කෙසේ වුවද, යුක්රේනයේ නව නාසි බලවේග තම පරාජය හමුවේ රුසියානු ජනයාගේ ඉවසීමේ සීමාව පරීක්ෂාවට ලක් කිරීමේ භයානක ප්‍රයත්නයක යේදී සිටින බව අප ඔබ වෙත අවධාරණය කරමු.ඒ මගින් ලෝකයේ ගොඩ නැගෙමින් පවතින යුදමය තත්වය තවදුරටත් වර්ධනය වීමේ අනතුරක් තිබෙන බව ඉතා පැහැදිලිය. ඒ අනුව, වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා පැහැර ගැනීම, කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ වෙත අභූත චෝදනා ඉදිරිපත්කර කියුබාව ආක්‍රමනය කිරීමට අමෙරිකා එක්සත් ජනපද පාලනය පිඹුරුපත් සැකසීම වැනි ජගත් මානවයාගේ පැවැත්ම පිළිබඳව වන තීරණාත්මක මංසන්ධි වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඬව සිටියාක් මෙන් මෙම තිරස්චීන ප්‍රහාරයේදීද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස නිහඬ වෘතය අනුගමනය කිරීම ලෝක ජනයා කිසිසේත්ම අනුමත නොකරන බව අපි ඔබ වෙත අවධාරණය කරමු. ඒ අනුව යුක්රේනයේ නව නාසි පාලනයේ මෙම ම්ලේච්ඡ හැසිරීම ඉදිරියටත් සිදුවීම වැලැක්වීමට වහ වහා මැදිහත් වන ලෙස අපි ඔබ වෙත දැඩිව අවධාරණය කරමු.
මෙයට විශ්වාසී,
වෛද්‍ය වසන්ත බණ්ඩාර - මහලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි - ලේකම්, අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය
ජීවන්ත ජයතිස්ස - ලේකම්, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..