News Category
From Date
To Date
Maximum Number of Result

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලය තුළ සිදු වූ ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

විදුලි සේවක සංගම් සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර ඇති බවයි.

පසුගියදා බෞද්ධ චීවරයට අගෞරව කරමින් හැසිරුනු විමලබුද්ධි නමති පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත්, ඔහුව නිකායෙන් මෙන්ම භික්ෂූත්වයෙන් ද මේ වන විට නෙරපා ඇති වුවත් තවදුරටත් සමාජමාධ්‍ය යොදාගනිමින් බෞද්ධ ධර්මයට අපහාස කරමින් මෙම පුද්ගලයා කරටයුතු කරන බවත් බලංගොඩ කස්සපහිමියෝ පවසති.

ඉදිරියේදී ආණ්ඩුබලය ගැනීමේ හීනයක සිටින පිරිස් කාන්තාවන් එකතුකර ගණිකා වෘත්තිය නීතිගත කරන බව මාධ්‍යයට ප්‍රකාශකරන බවත්, ඔවුන් මෙරට මහා සංස්කෘතිය විනාශ කිරීමට උත්සාහ දරන බවත් ජාතික කාන්තා එකමුතුව පවසයි.

Institute of Politics ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දා අභිමානවත් අයුරින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.

වීරගුල පොලිස් ස්ථානයේ දැනට රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ඊයේ (19) මාකිලංගමුව ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂාකර ඉතා සූක්ෂමව නිවස තුල බංකරයක සඟවා තිබු ලක්ෂ 22කට අධික මුදලක් සොයාගැනීමට සමත් විය.

රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත බවයි.

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සඳ මත සාර්ථක ගොඩ බෑමක් සිදුකළ පස්වැනි රට බවට ජපානය පත්ව තිබේ.


ප්‍රධාන පුවත්

සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)

2022 දී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ අරගලය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා මුදල් ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමන් සතු බවත්, රට නිවැරැදි මාවතට අවතීර්ණ කර ගැනීමේ අවස්ථාව ඔහුගේ මැදිහත්වීම හරහා වැළකී ගිය බවත් සිංහ එෆ්.එම් නාලිකාවේ හිටපු හිමිකරු නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි

සොරකම් කළ ධනය උගන්ඩාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong

රටවල් දෙකක් ලෙස භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.

න්‍යෂ්ටික බලය සහිත B-52H මූලෝපායික බෝම්බ හෙලිය හැකි යානා ගණනාවක් ඇතුළුව මැද පෙරදිගට අතිරේක හමුදා යෙදවීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි

මෙවර මහ මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සමාලෝචනය ප්‍රමාදවීම නිසා එම අරමුදලේ තුන්වන ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තාවේ.

පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි

අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.