ඉන්දියාවටත් ඉබෝලා රිංගලා?
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම කාන්තාවට ඉබෝලා ආසාධනය වී ඇති බවට තහවුරු වුවහොත් එය 2014න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාදිතයා විය හැකි බවද වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යශය ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වී ඇති බවද සඳහන්.
28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සුළු ඇඟපතේ වේදනාවක් හටගෙන ඇති නමුත් ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවත් සඳහන් වේ.
නැගෙනහිර අප්‍රිකානු රටේ සිට පැමිණ ඇති මෙම සංචාරක කාන්තාව අහමදාබාද් සිට දකුණු දිග බැංගලෝර් නගරය වෙත පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව විසින් මේ වන විට ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළුවීමේ ස්ථානවලදී පරීක්ෂාවන් සහ නිරීක්ෂණ පියවරයන් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවන් ද නිකුත් කර ඇති බවය.
කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල් වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ද ඉන්දියාව මේ වන විට තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
කෙසේවෙතත් මේ හේතුවෙන් නව දිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව’ ද කල් දමා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්