ඖෂධ මිල ඉහළ දැමීමේ සූදානමක්..
රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු තවත් කාරණා හේතුවෙන් ඖෂධ මිල යම් ප්‍රතිශතයකින් ඉහළ දැමීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
අවසන් වරට ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පෙරදීය. එනම්, ඉකුත් 2023 වසරේ ජූනි මාසයේදීය. සෑම වසර පහකටම වරක් ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි. එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ මිල ගණන් ඉහළ යාම ආදී කාරණාද, ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධව සලකා බැලීමට හේතුපාදක වී තිබේ.
ඩොලරයේ අගය පසුගිය දිනවල රුපියල් 354 ක් දක්වා ඉහළ යාමත් සමග ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දමන ලෙස බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
ඖෂධ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි ද එම සංගමයේ සාමාජිකයන් කියා සිටිති.
ලෝකයේ බොහෝ රටවල ඖෂධ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඖෂධ සැපැයුම්කරුවන් බොහෝ දෙනකු ඖෂධ ආනයනයට අදාළ ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවට ද තොරතුරු අනාවරණය වේ.
ඩොලරයේ අගය ඉහළ යාම නිසා ඖෂධ මිල ගණන් වැඩිවීම පාලනය කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වානිජ මණ්ඩලයද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සියලු කරුණු සලකා බලා ජනතාවට අසාධාරණයක් සිදු නොවන පරිදි මිල සූත්‍රය යටතේ ඖෂධ මිල ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.
ඖෂධ වර්ග සියයක පමණ මිල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනයට ලක් කර ඇත.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..