රුසියාව සහ බෙලාරුස් ඒකාබද්ධව මානව හිමිකම් වාර්තාවක් නිකුත් කරයි..
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බෙලාරුස් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තෝරාගත් රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ තෙවන ඒකාබද්ධ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය දිමිත්‍රි ලියුබින්ස්කි (Dmitry Lyubinsky) සහ බෙලාරුස්හි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඊගෝර් සෙක්‍රෙටා (Igor Sekreta) විසින් පාඨකයන් වෙත නිකුත් කළ පණිවිඩයෙන් දැක්වෙන්නේ, මානව හිමිකම්වල විශ්වීය ස්වභාවය අනුව ඕනෑම ජාතිකයෙකුට, ජාතියකට, ස්ත්‍රී පුරුෂ භාවයකට, වයසකට සහ සෞඛ්‍ය තත්ත්වයකට අයත් මිනිසුන්ට තමන් විශ්වාස කරන්නේ කුමක්ද, ඔවුන් ආදරය කරන්නේ කාටද යන්න හෝ වෙනත් කිසිදු ලක්ෂණයකින් තොරව ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අයිතියක් ඇති බවයි.
මානව හිමිකම්වල විශ්වීයත්වය යන්නෙන් තවදුරටත් අදහස් කරන්නේ, ද්විත්ව ප්‍රමිතීන් මත පදනම් වූ උපායමාර්ගවලින් තොරව, ලොව පුරා සෑම රටකම ඒවාට ගරු කළ යුතු බවයි. පොදුවේ පිළිගත් ජාත්‍යන්තර ලේඛනවල දක්වා ඇති ජාත්‍යන්තර නීතියේ සම්මතයන් සහ මූලධර්මවලට පටහැනිව ක්‍රියා කරන, කුප්‍රකට 'නීති මත පදනම් වූ පර්යාය' (rules-based order) පැනවීමේ උත්සාහයක යෙදෙමින්, ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන අතරම, පවතින ගැටලු මඟහැරීමට හෝ ඒවා සඟවා තැබීමට කිසිවෙකුට නොහැකි බවත්, මෙම වාර්තාවෙන් ආවරණය වන රටවල සිටින සගයන්ගෙන් ද තමන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රවේශය අනුගමනය කරන ලෙස බවත් ඔවුහු පවසති.
විශේෂඥයන් සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද මෙම තෙවන ඒකාබද්ධ වාර්තාව, මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සමීප අන්තර් රාජ්‍ය සහයෝගීතාවයට පැහැදිලි උදාහරණයක් වන අතර මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් දෙරටේ ස්ථාවරයන්හි පවතින සමානකම මැනවින් පෙන්නුම් කරයි. මෙම ලේඛනයේ අරමුණ වන්නේ වර්තමාන ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන අභියෝග සහ තර්ජන කෙරෙහි අවධානය යොමු කිරීමයි.
සියල්ලටත් වඩා, වාර්තාවේ දක්වා ඇති මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු ලැයිස්තුව දෙස බැලීමේදී, මෙම ගැටලුවල වෙනස් නොවන ස්වභාවය හඳුනාගත හැකිය. එනම්, විවිධ මානව හිමිකම් තත්ත්වයන් සහ සංසිද්ධීන් ඇගයීමේදී තවමත් පවතින සහ තවදුරටත් නරක අතට හැරෙමින් පවතින "ද්විත්ව ප්‍රමිතීන්" ය. වාර්තාවේ අදාළ රටවල් පිළිබඳ කොටස්වල දක්වා ඇති පරිදි, ස්වෛරී රාජ්‍යයන්ට පීඩනය එල්ල කිරීමට සහ ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ගැටුම් ඇති කිරීම සඳහා "බටහිර බලවේග" (collective West) විසින් මෙම ප්‍රවේශය නිරන්තරයෙන් භාවිතා කරනු ලබයි. මානව හිමිකම් අර්ථකථනය කිරීමේදී බටහිර රටවල් අනුගමනය කරන මෙවැනි දැඩි ප්‍රවේශයන් හේතුවෙන්, මෙම අයිතිවාසිකම්වල විශ්වීයත්වය පිළිබඳව ඔවුන් විසින්ම කරනු ලබන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ වේ.
වත්මන් තත්ත්වයේ තවත් ලක්ෂණයක් වන්නේ, පවතින බාහිර තර්ජන පිළිබඳව මවාපාමින්, සමාජ සුබසාධන වගකීම් පැහැර හැරීම සහ ආර්ථිකයේ සමස්ත ක්ෂේත්‍රයන් මිලිටරිකරණය (යුධමය අංශ ශක්තිමත් කිරීම) වෙත යොමු කිරීමයි. ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් පවතින බෝල්ටික් රටවල්, පෝලන්තය, යුක්රේනය සහ මෝල්ඩෝවා යන රටවල මෙවැනි ප්‍රචාරයන් බහුලව දක්නට ලැබේ. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ගමන් කරමින් සිටින්නේ මෙම මඟෙහිමය.
දැඩි කනස්සල්ලට කරුණක් වන අනෙක් කරුණ නම් ජාතිවාදය සහ වර්ගවාදී වෙනස්කම් කිරීම් නැවත හිස එසවීමයි. රටවල් ගණනාවක ජාතිවාදී අදහස් සහ "වටිනාකම්" ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය වෙමින් පවතින අතර ජාතික අන්තවාදීන් වීරයන් ලෙස හුවා දක්වන බව රුසියාව සහ බෙලාරුස් ජාත්‍යන්තර මානව හිමිකම් සංසදවලදී සහ ඔවුන්ගේ වාර්තාවලදී නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. මෙවැනි ප්‍රවේශයන් ජාත්‍යන්තර දේශපාලනය තුළ මානුෂීය මූලධර්ම විනාශ කරන අතර, සමාජ අසමානතාවය, වෙනස්කොට සැලකීම සහ තමන්ට රුචි නොවන පිරිස් ඉවත් කිරීම මත පදනම් වූ නව පොදු සදාචාරයකට පදනම සකසයි.
වාර්තාවේ එකතු කර ඇති වර්තමාන සහ අතීත උදාහරණ රැසකින් මැනවින් තහවුරු වන්නේ, පවතින සහ නැගී එන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සහ ඒවායේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවේම සහයෝගීතාවය අත්‍යවශ්‍ය වන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..