ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්..
ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පසුගිය 20 වෙනි දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යැන්වෙයි චු මහතා හා චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක මෙයි ජිනග් මහතාද සහභාගි වී ඇත.
මෙම හමුවේ දී එළඹෙන ජූලි 01 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ චීන තානාපතිතුමා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා දැනුවත් කරන ලද අතර 105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට ආරාධනා කරනු ලැබීය.
එසේම චීනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයින් සඳහා සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අඛණ්ඩව ලබාදීම ගැනද මෙහිදී සාකච්ඡා වී තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත චීනයේ ආණ්ඩුකරණය (The Governance of China) යන කෘති මාලාවේ 05 වෙනි වෙළුමේ පිටපතක් පිළිගැන්වීමද මෙහිදී සිදු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..