කියුබානු විප්ලවයේ නායකයෙකු වූ රාමිරෝ වැල්ඩෙස් අභාවප්‍රාප්ත වෙයි..
කියුබානු විප්ලවයේ ප්‍රමුඛතම නායකයෙකු මෙන්ම එර රටේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වූ රාමිරෝ වැල්ඩෙස් මෙනෙන්ඩෙස් (Ramiro Valdés Menéndez) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 94 වන වියෙහි පසුවිය. මෙම රාජ්‍ය තාන්ත්‍රිකයාගේ අභාවය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Díaz-Canel) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
වැල්ඩෙස් තමා බෙහෙවින් ගෞරව කළ පුද්ගලයෙකු බව පවසමින් ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ අයට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම කියුබාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද කියුබානු ජනතාවට සහ එරට රජයට සිය බලවත් කණගාටුව පළ කර ඇත.
රාමිරෝ වැල්ඩෙස් මෙනෙන්ඩෙස් යනු කියුබානු විප්ලවීය පරපුරේ අවසන් නියෝජිතයන්ගෙන් එක් අයෙකු වන අතර, ඔහු "ජූලි 26 ව්‍යාපාරයේ" (July 26 Movement) නිර්මාතෘවරයෙකු ද වේ. 1950 දශකයේ මැද භාගයේදී කියුබාවේ සිදු වූ තීරණාත්මක සිදුවීම් රැසකට ඔහු දායක විය. ඒ අතර 1953 දී මොන්කාඩා බැරැක්කයට (Moncada Barracks) ප්‍රහාර එල්ල කිරීම සහ 1956 දී ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ (Fulgencio Batista) පාලන තන්ත්‍රයට එරෙහිව විප්ලවවාදී අරගලයේ ආරම්භය සලකුණු කළ "ග්‍රැන්මා" (Granma) යාත්‍රාවේ ගවේෂණය ද වේ. මෙම ගරිල්ලා යුද සමයේදී ඔහු අසහාය විප්ලවවාදී නායක අර්නස්ටෝ චේ ගුවේරාගේ (Ernesto Che Guevara) දෙවැනියා ලෙස ද කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්