ඇමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාපති ජෙනරාල් කෙවින් ස්නයිඩර් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට..
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඇමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණියේය.
පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් ස්නයිඩර් එම කලාපයේ සිටින සියලුම ඇමෙරිකානු ගුවන් හමුදා නිලධාරීන් සහ සෙබළුන් මෙන්ම යුධ උපකරණ අධීක්ෂණය කරනු ලබන ප්‍රධානියා වෙයි.
ජූනි 21 සිට 24 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී ජෙනරාල් ස්නයිඩර් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ගුවන් සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය ඉහළ නැංවීම, සයිබර් ආරක්ෂණ කටයුතු, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරෙනු ඇත.
ජෙනරාල් ස්නයිඩර්ගේ මෙම සංචාරය, ඒකාබද්ධ යුධ අභ්‍යාස, මිලිටරි හුවමාරු වැඩසටහන් සහ අඛණ්ඩව පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා මත පදනම් වූ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන්හි තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.
කලාපයේ සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය සහ ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පිළිගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..