News Category
From Date
To Date
Maximum Number of Result

මහ කන්නයේ වී අස්වනු නෙළීම දිස්ත්‍රික්ක රැසක ආරම්භ වුවත් තවමත් වී සඳහා රජය සහතික මිලක් ප්‍රකාශයට පත්කර නොමැතිවිම හමුවේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව ගොවීන් චෝදනා කරනවා.

සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

" වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන *බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සාර්ථක 07 වන කණ්ඩායම* සඳහා සමාරම්භක උළෙල *මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මැතිතුමන්ගේ* ප්‍රධානත්‍වයෙන් මානවශාස්ත්‍ර පීඨ කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් 2025-01-12 දින උදෑසන 10.00 සිට පැවැත්විණි.

පසුගියදා නිමකළ චීන සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ CGTN පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ කොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා පෙන්වා දෙන්නේ අද ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ වී ගොවියාගේ නිෂ්පාදනය තුට්ටු දෙකට අරගෙන ගොවියා නැත්තටම නැතිකර දමා ආණ්ඩුවේ ගමන යාමට බවයි.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.


ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂට අධිචෝදනා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්

දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් පලාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන ප්‍රබල ව්‍යාපාරිකයකු සිටින බවට තොරතුරු වාර්තා වන බව ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.

යුක්‍රේන යුද්ධයට නිමාවක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලැබෙන දුරකථන ඇමතුමක් ලබා ගැනීමට සූදානම් බවත්, මොස්කව් පරිපාලනයද එයට සූදානම්ව වොෂින්ටනයෙන් පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටින බවත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගිය සිකුරාදා පැවසීය.

මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක්... ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසියට කියයි

මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය පෙබරවාරි මස 17 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජනවාරි 9 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මහින්දට යන්න තැනක් නැත්නම් සුදුසු නිවසක් අපි දෙන්නම් - ජනපති අනුර දිසානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම් ඔහුට සුදුසු නිවසක් රජයෙන් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.