News Category
From Date
To Date
Maximum Number of Result

කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන පීඩනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම යනුවෙන් මෙම යුද්ධය බොහෝදෙනා හැඳින්වුවද මෙය ගැටුමක් නොව මෙය ආක්‍රමණයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතුකර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කිරීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඊයේ (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකාබලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ සමහර විශේෂිත කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදනයට අදාළ කේත බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලයේ යුද කළමනාකරණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා පවසයි.

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ඉරාන බලශක්ති යටිතල පහසුකම් වලට පහර දුන්නොත් ඔවුන්ගේ මැද පෙරදිග ඇති සියලුම යටිතල පහසුකම්වලට පහරදෙන බව ඉරානය නිවේදනය කර තිබේ.

විදුලිබල මණ්ඩලය විසිරුවාහැර, විදුලි බිල වැඩිකර, ඉන්ධන මිල වැඩිකර ආණ්ඩුව අධිරාජවාදී උවමනාවන් ඉටුකරන මාවත ඔස්සේ ගමන්කරමින් සිටින බවත්, ඉන්ධන විදුලියට පමණක් නොව ජල සම්පතටත් ආණ්ඩුව විනකැටීමට සූදානම් වන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.