චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි- ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong
චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (ජූලි 1) කොළඹ Cinnamon Life හෝටලයේ Cumulus Ballroom පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Qi Zhenhong මහතා සහ එම මැතිණිය Madame Jin Qian මහත්මියගේ සත්කාරකත්වයෙන් පැවති මෙම උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලන පක්ෂ නියෝජිතයන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.
උත්සවය අමතමින් තානාපති කිව් ෂෙන්හොන්ග් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 105ක ගමන්මඟ, චීනයේ සංවර්ධන ජයග්‍රහණ, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නවීකරණ වැඩපිළිවෙළ මෙන්ම චීන–ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ දේශපාලන, ආර්ථික හා ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වීය.
එහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා, "චීනය සමඟ ගමන් කිරීම යනු අවස්ථාවන් සමඟ ගමන් කිරීමයි.චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි.චීනයේ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි.
මෙම නව ඓතිහාසික ආරම්භක ස්ථානයේ සිට, ලෝකයේ සියලු රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව සමඟ එක්ව,
ලෝකයේ නිවැරදි සංවර්ධන මාවත අනුගමනය කරමින්,වඩා යහපත් අනාගතයක් එක්ව නිර්මාණය කරමින්,යුගයේ වගකීම් උසුලමින්,ජයග්‍රාහී සහයෝගීතාවයේ (Win-Win Cooperation) නව පරිච්ඡේදයක් එක්ව ලියා තැබීමට අප සූදානම්ව සිටිමු" යනුවෙන් පැවසීය.

ඒ මහතාගේ සම්පූර්ණ දේශනය පහතින්,
ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ගරු ටිල්වින් සිල්වා මැතිතුමනි, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ගරු සාගර කාරියවසම් මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගරු වජිර අබේවර්ධන මැතිතුමනි, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මැතිතුමනි, අනෙකුත් දේශපාලන පක්ෂවල ගරු නායකවරුනි, ගරු අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ අතිගරු තානාපතිවරුනි සහ සාමාජිකයිනි, ගරු ආරාධිත අමුත්තනි, මහත්ම මහත්මීනි, ආදරණීය මිතුරනි,
සුබ සන්ධ්‍යාවක් වේවා!
චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවා වසර 105ක් සපිරීම සමරන මෙම අවස්ථාව සඳහා ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම මට මහත් සතුටක් මෙන්ම ගෞරවයක් ගෙන දෙන්නකි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, අද මෙම උත්සවයට සහභාගී වූ සියලුම ගරු ආරාධිත අමුත්තන් වෙත මාගේ උණුසුම් සුබ පැතුම් සහ හෘදයාංගම කෘතඥතාව පළ කරමි.
අද දින බීජිං නුවරදී ද චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් පවත්වමින්, පක්ෂය පසුගිය වසර 105 පුරා ගමන් කළ ගෞරවාන්විත ඉතිහාසය සමාලෝචනය කළ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේත් චීන ජනතාවගේත් අනාගත සංවර්ධනය පිළිබඳ දීප්තිමත් දැක්මක් ඉදිරිපත් කරනු ලැබුවා. නවීකරණය කරා අඛණ්ඩව ගමන් කරන චීනය, ලෝකයට තවත් අවස්ථා රැසක් උදා කරමින්, ජාත්‍යන්තර සහයෝගීතාවට නව ජවයක් ලබා දෙමින්, මානව ප්‍රගතිය සඳහා තවදුරටත් වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
අභියෝග සහ දුෂ්කරතා මැදින් ගත කළ වසර 105ක්, මුල් අරමුණට නොසැලී කැප වූ වසර 105ක් — චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය එලෙස විග්‍රහ කළ හැකිය. ජාතිය බරපතළ අර්බුදයකට මුහුණ දුන් සමයක උපත ලැබූ මෙම පක්ෂය, දුෂ්කර අරගල මැදින් වර්ධනය වූ අතර, ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීමේ යුගයේදී අභිවෘද්ධියට පත්විය.
පක්ෂය බිහි වූ ෂිකුමෙන් සිට නව චීනය ප්‍රකාශයට පත් කළ ටියැන්අන්මෙන් දක්වාත්, පක්ෂයේ උපන් බිම වන සිංයේ මාර්ගයේ සිට ජාතික පුනර්ජීවනය සංකේතවත් කරන ෆුෂිං මාර්ගය දක්වාත්, අපගේ පක්ෂය සෑම විටම ජනතාව සමඟ එකම හුස්ම හෙළමින්, එකම ඉරණම බෙදා ගනිමින්, තම හදවත ජනතාව සමඟ බැඳ තබාගෙන සිටියේය.
ඉතිහාසය එක් ගැඹුරු සත්‍යයක් අපට ඉගැන්වීය. එනම්, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඉතිහාසයේ තේරීමක් පමණක් නොව, ඊටත් වඩා වැදගත් ලෙස ජනතාවගේ තේරීමක් ද වන බවයි. එය ප්‍රායෝගික අත්දැකීම්වලින් බිහි වූ අනිවාර්ය ප්‍රතිඵලයක් මෙන්ම, යුගයේ අවශ්‍යතාවයක්ද වේ.
ආදරණීය මිතුරනි!
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසු, ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය තම මූලික ප්‍රතිපත්ති රැකගනිමින් නව මාවත් විවෘත කළ අතර, කාලයේ වෙනස්කම් සමඟ ඉදිරියට ගමන් කරමින් නව යුගයක් සඳහා විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය.
ජනතාවගේ සතුට වෙනුවෙන්, අපි දරිද්‍රතාවයට එරෙහි සටන ජයගෙන, සෑම අංශයකින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කළෙමු. දරිද්‍රතාව අවම කිරීමේ අපගේ ජයග්‍රහණ ලොව පුරා ප්‍රශංසාවට ලක්ව ඇති අතර, ජනතාවගේ ජීවන තත්ත්වයේ වර්ධනය සෑම අයෙකුටම සාධාරණ ලෙස හිමිවී ඇත. නගර සහ ග්‍රාමීය ප්‍රදේශ යන දෙවර්ගයම ආවරණය වන පරිදි අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂණ පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන්, චීනයේ බිලියන 1.4ක ජනතාවට සැබෑ ප්‍රතිලාභ, සතුට සහ ආරක්ෂාව පිළිබඳ ගැඹුරු හැඟීමක් අත්විඳීමට හැකි වී තිබේ.
ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන්, චීන නවීකරණය ස්ථාවරව මෙන්ම වේගවත්ව ඉදිරියට ගමන් කරමින් සිටී. චීනයේ සමස්ත ආර්ථික නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා ඇති අතර, ලොව විශාලතම වෙළඳ රාජ්‍යය ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත්ව පවතී. "Chang'e" චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ සිට "Fendouzhe" ගැඹුරු මුහුදු ගවේෂණ යානය දක්වාත්, රට පුරා ධාවනය වන අධිවේගී දුම්රිය ජාලයේ සිට 5G තාක්ෂණයේ ලෝක නායකත්වය දක්වාත්, චීනයේ තාක්ෂණික නවෝත්පාදනය සෑම දිනකම නව ඉතිහාසයක් නිර්මාණය කරමින් සිටී. එමෙන්ම ජාතික උපායමාර්ගික උපකරණ හා තාක්ෂණික හැකියාවන් නිරන්තරයෙන් නව සන්ධිස්ථාන කරා ළඟා වෙමින් සිටී. මේ සමඟම චීන ජාතියේ මහා පුනර්ජීවනය ආපසු හැරවිය නොහැකි ඓතිහාසික ගමන් මඟකට පිවිස ඇත.
මානව සංහතියේ ප්‍රගතිය සහ ලෝක සාමය වෙනුවෙන්, ජනාධිපති ෂී ජින්පිං මහතා "මානව වර්ගයාගේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්" (Community with a Shared Future for Mankind) ගොඩනැගීමේ සංකල්පය ඉදිරිපත් කළ අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මතයන්ට ද ඇතුළත් වී, ගෝලීය එකඟතාවක් බවට පත්ව ඇත.
එක් තීරයක් – එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන මහාද්වීප හා සාගර සම්බන්ධ කරමින් ගෝලීය සංවර්ධනයට ශක්තිමත් ගාමක බලවේගයක් සපයයි. චීන–යුරෝපීය දුම්රිය සේවාව (China-Europe Railway Express) කිලෝමීටර් දහස් ගණන් ගෙවා දමමින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් ජාත්‍යන්තර වෙළඳාමට නව ජීවයක් ලබා දෙයි.
එමෙන්ම ගෝලීය සංවර්ධන මුලපිරීම (Global Security Initiative), ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Civilization Initiative), ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) සහ ගෝලීය පාලන මුලපිරීම (Global Governance Initiative) යන ප්‍රධාන ගෝලීය යෝජනා හතර තුළින්, චීනය වර්තමාන යුගය, ඉතිහාසය සහ ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්නවලට ක්‍රමානුකූල පිළිතුරු ලබා දී ඇති අතර, චීන දැනුම සහ චීන විසඳුම් ලෝකයට ඉදිරිපත් කර තිබේ.
මෙම චීන යෝජනා සහ මුලපිරීම් සඳහා රටවල් 160කට ආසන්න සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහාය පළ කර තිබේ.චීනය සැමවිටම ලෝක සාමයේ ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයේ දායකයෙකු සහ ජාත්‍යන්තර පද්ධතියේ ආරක්ෂකයෙකු ලෙස තම වගකීම ඉටු කරමින් සිටී.
ආදරණීය මිතුරනි!
චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඈත අතීතය දක්වා දිව යන්නකි. දෙරටේ දේශපාලන පක්ෂ අතර පවතින හුවමාරු සහ සහයෝගීතාව මගින් ද මෙම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවය යන මූලධර්ම මත එකිනෙකා සමඟ සබඳතා පවත්වාගෙන යති. රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගනිමින්, පොදු සංවර්ධනය සඳහා සුදුසු මාර්ග එක්ව සොයා යාම අපගේ අරමුණයි.
ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාර්ථක හමුව, චීන–ශ්‍රී ලංකා සබඳතා සඳහා නව සැලැස්මක් සහ දීර්ඝකාලීන දැක්මක් සකස් කර දී ඇත.
දේශපාලන පක්ෂ අතර සබඳතා, චීන–ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් අංගයක් වන අතර, එම හුවමාරු දෙරට අතර සන්නිවේදනය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.
"ස්වාධීනත්වය, සම්පූර්ණ සමානාත්මතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම" යන මූලධර්ම මත පදනම්ව, චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ සමඟ රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීමට සූදානම්ව සිටී.
එමෙන්ම, දරිද්‍රතාව අවම කිරීම, ඩිජිටල් නගර සංවර්ධනය, සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත්, දෙරටේ පොදු අවශ්‍යතා සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කිරීමටත් අපි කැපවී සිටිමු.
අනාගතය දෙස බලන විට, දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඇතිකරගත් වැදගත් එකඟතා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
එසේම, එක් එක් රටේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවත් එක්ව ගවේෂණය කරමින්, උපායමාර්ගික වැදගත්කමකින් යුත් පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා ප්‍රජාවක් (China–Sri Lanka Community with a Shared Future) ගොඩනැගීම ප්‍රවර්ධනය කර, දෙරටේ ජනතාවට තවත් ප්‍රතිලාභ සහ වැඩි සමෘද්ධියක් උදා කිරීමට අපි අපේක්ෂා කරමු.
මහත්ම මහත්මීනි, ආදරණීය මිතුරනි!
අද ලෝකය තුළ ශතවර්ෂයක් තිස්සේ නොදුටු විශාල වෙනස්කම් වේගයෙන් සිදුවෙමින් පවතී. එවැනි තත්ත්වයක් තුළ, රටවල් සහ ජනතාව එකමුතුවෙන් සිටිමින් එකිනෙකාට සහයෝගය ලබා දීම කාලයේ අවශ්‍යතාව බවට පත්ව ඇත.
"ලෝකයට කුමක් සිදුවෙමින් පවතීද? එයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?" යන යුගයේ මූලික ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී, චීන කොමියුනිස්ට් පක්ෂය ගෝලීය ප්‍රධාන මුලපිරීම් හතර මගපෙන්වීමක් කර ගනිමින්, සියලු රටවල් සමඟ අත්වැල් බැඳගෙන ස්ථාවර සාමය, පොදු ආරක්ෂාව, හවුල් සමෘද්ධිය, විවෘතභාවය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සුන්දර හා පිරිසිදු ලෝකයක් ගොඩනැගීමට කැපවී සිටී.
වසර 105ක් යනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පමණක් නොව, නව ගමනක ආරම්භක ලක්ෂ්‍යය ද වේ.
චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ජනතාව සමඟ එක්ව ගමන් කරන අතර, යුගයේ වෙනස්කම් සමඟ ඉදිරියටම ගමන් කරයි.
අද පැහැදිලිව පෙනෙන්නේ,
චීනය සමඟ ගමන් කිරීම යනු අවස්ථාවන් සමඟ ගමන් කිරීමයි.චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි.චීනයේ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි.
මෙම නව ඓතිහාසික ආරම්භක ස්ථානයේ සිට, ලෝකයේ සියලු රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව සමඟ එක්ව,
ලෝකයේ නිවැරදි සංවර්ධන මාවත අනුගමනය කරමින්,වඩා යහපත් අනාගතයක් එක්ව නිර්මාණය කරමින්,යුගයේ වගකීම් උසුලමින්,ජයග්‍රාහී සහයෝගීතාවයේ (Win-Win Cooperation) නව පරිච්ඡේදයක් එක්ව ලියා තැබීමට අප සූදානම්ව සිටිමු.
දැන්, කරුණාකර ඔබ සැමට මගේ ජය පැන් සංග්‍රහ ආරාධනය පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105ක් සපිරීම වෙනුවෙන්,අද මෙහි රැස්ව සිටින සියලු ගරු ආරාධිත අමුත්තන්ගේ සෞඛ්‍යය සහ සමෘද්ධිය වෙනුවෙන්,ලෝකයේ සියලු ජනතාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ පොදු සමෘද්ධිය වෙනුවෙන්,
ඔබ සැමට සුභ පැතුම්!
ස්තුතියි!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ ගොවියා මහමඟට ඇද දමලා.. රනිල් - ජේ. ආර්. ගිය නව ලිබරල් මඟ යමින් මාලිමා රජය ගොවි ජනතාව පාවා දීලා.. - ජයන්ත සමරවීර
මා තහඩුකෑලි එල්ලාගෙන ඉන්නවා කියා දිලීප පීරිස් අධිකරණයේදී කීවා.. රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ තහඩු කෑලි නෙවෙයි.. - විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක
මාර්තුවේ ඇරඹි අත්නගල්ල, අලවල සංචාරක කදවුර වල්වැදිලා..
වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි - 50,000ක් තවමත් අතුරුදන්..
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹදී විශේෂ සැමරුම් උත්සවයක්..
බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න.. - අධිකරණයෙන් නියෝග
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ ඉරණම වෙනස් කළා.. - චීන ජනපති ෂී ජින් පිං කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සර උත්සවයේ දී කියයි
විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - ජාතික සංවිධාන කියයි
හයිටි යන රණවිරුවන්ට කෑගහන සංවිධාන, සලේ ගැන විමර්ශනය කරන චෝදනා ලත් නිලධාරීන් ගැන නිහඬයි.. සලේගේ මානව හිමිකම් කඩවෙලා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
"පාස්කු පරීක්ෂණවලට ඇත්තටම බලපෑම් කරන්නේ කාදිනල්තුමයි, සිරිල් ගාමිණී පියතුමයි.. විමර්ශනවලින් ජනතාව නොමඟ යවනවා.. නීතියේ ආධිපත්‍යයත් අනතුරක" – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
රවි සහ ශානිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා.. විමර්ශනයේ රහස් ගම්මන්පිල හෙළිකරයි..
ජපානයේ ‘නව මිලිටරිවාදයට’ එරෙහිව චීනයෙන් දැඩි ආර්ථික ප්‍රහාරයක්.. ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන්..
"නිජබිම් කතාව බොරුවක්.. නල්ලූර් කෝවිල හැදුවේ සිංහල රජ කෙනෙක්" – අරුන් සිද්ධාර්ථන්
මගේ බඩින් වදාපු දරුවා වෙනුවෙන් මම ගිනිගොඩකට වුණත් පනිනවා - සුරේෂ් සලේ ගේ මව කියන කතාව
“ඩොලර් බිලියනයක මහා පරිමාණ විනිමය වංචාවක්”.. මහ බැංකු අධිපති ඇතුළු ප්‍රධානීන් වහාම මුදල් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කරන්නැයි කියයි..