News Category
From Date
To Date
Maximum Number of Result

තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීම හා ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය නැවත සලකා බලන ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙත ලතින් ඇමරිකාව, කැරිබියන්, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ හිටපු ලෝක නායකයින්ගේ සාමූහිකයක් විසින් හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.

මෙවර ජනාධිපතිවරණයට අදාළව සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන බදාදා (18දා) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වෙයි.

තායිවානයේ කලාපීය නායක ලායි චිං-ටේ ඊනියා "ෆෝමෝසන් ස්වයං-ගැලවීමේ ප්‍රකාශය" සනිටුහන් කිරීමේ සම්මන්ත්‍රණයක් අතරතුර ඔහු විසින් කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයන් හේතුවෙන් චීන ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු වන චෙන් බින්හුවා ඊයේ(14) ඔහු වෙත දොස් පැවරුවේය. එහිදී චෙන් බින්හුවා පැවසුවේ ලායිගේ ප්‍රකාශයන් ඔහුගේ ද්වේෂසහගත බෙදුම්වාදී චේතනාවන් සම්පූර්ණයෙන්ම හෙලිදරව් කරන බවයි.

මෙරට නව ජනාධිපති කවුරුන්ද යන්න සම්බන්ධව කලින් තොරතුරු දැන ගැනීමට ඇමරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල රහස් ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම තානාපති කාර්යාල අභ්‍යන්තර තොරතුරු අනුව අනාවරණය වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටරයක් සමග ගමන් කල තවත් හෙලිකොප්ටරයක් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩ බැස්වීමකට ලක් කර තිබේ.

නීතිය හා සාමය බිඳ වැටීම හේතු­වෙන් සිය කර්මා­න්ත­ශාලා සහ ව්‍යාපා­රික ස්ථාන විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් රැක ගැනීම සඳහා කඩි­න­මින් ආර­ක්ෂාව සහ­තික කරන ලෙස බංග්ලා­දේ­ශයේ සමස්ත ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ප්‍රධාන පුවත්

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.