News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට අයත් දකුණු පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර තිබේ.

ලොව විශාල ස්වාභාවික ගෑස් නිදිය ලෙසින් සැලකෙන 'South Pars/North Dome Gas-Condensate field' සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන 'South Pars' ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

2019 අප්‍රේල් 21 දින සිදුවූ ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 7කට පමණ පසු, 2026 දී හදිසියේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ "3 වන සැකකරු" ලෙස නම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

ඊශ්‍රායෙල් - ඉරාන් - ඇමරිකා ගැටුම වහා නතර කරනු! සාම සංදේශය මාර්තු 19 ප.ව. 2:30 බෞද්ධාලෝක මාවත, එ.ජා. කාර්යාලය වෙත භාර දීමට කටයුතු සූදානම් කර තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල අන්‍යාගමීකරණයට ලක්වන බෞද්ධ උරුමයන් පිළිබඳව අධ්‍යයනය කොට වාර්තාවක් සැකසීම සඳහා කමිටුවක් පත් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.

බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව මත පැටවීම අනීතික ක්‍රියාවක් බව ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අතර ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අතරතුර කිසිදු මූල්‍ය හෝ සැපයුම් ප්‍රශ්න සාකච්ඡා නොකළ බව අවධාරණය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් , මාර්තු 17 වන දින ඉරාන බැලස්ටික් මිසයිල 10 ක් සහ ඩ්‍රෝන යානා 45 ක් විනාශ කරනු ලැබ තිබේ.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.