මා තහඩුකෑලි එල්ලාගෙන ඉන්නවා කියා දිලීප පීරිස් අධිකරණයේදී කීවා.. රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ තහඩු කෑලි නෙවෙයි.. - විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමන් පැළඳ සිටි හමුදා පදක්කම් ‘තහඩු කෑලි’ ලෙස හඳුන්වමින් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ බවයි.
නිශාන්ත ජයතිලක මහතා මෙසේ පැවසීය.
"රණවිරුවෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ වෙනුවෙන් ලැබුණු මේවා තහඩු කෑලි නෙවෙයි. මේවාට ගෞරවයක් තියෙනවා. තමන්ගේ ලේ, මස්, නහර මේ රට වෙනුවෙන් පූජා කරලයි මේ පදක්කම් අරගෙන තියෙන්නේ. මේවායේ ගෞරවය දන්නේ නැති නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උත්තරීතර අධිකරණය ඇතුළේ මේ විදිහට අපහාස කිරීම අපි හෙළා දකිනවා."
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වැනි වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස කරුණු දැක්වීමට අයිතියක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. තමන් එම නීතිමය අයිතිය මත අධිකරණය හමුවේ පෙනී සිටි බවත්, එහිදී හමුදා නිලධාරියෙකු ලෙස සිය නිල ඇඳුම හෝ පදක්කම් පැළඳ සිටීම ‘තහඩු කෑලි එල්ලාගෙන සිටීමක්’ ලෙස අර්ථකථනය කිරීම රණවිරුවන්ට සිදුකළ බරපතළ නිග්‍රහයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..