News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

හදිසි ප්‍රසම්පාදනයෙන් ලබාගත් තුනවන ගල්අඟුරු නෞකාව පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබෙන බවත්, මෙම නැවේ ගල්අඟු පරීක්ෂාවේදී තාප ජනනය සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව වාර්තා වන බවද, අළුවල ප්‍රතිශතය වැඩි බව දක්වා තිබෙන නමුත් මෙම නෞකාව ප්‍රතික්ෂේප කිරීමට එය ප්‍රමාණවත්දැයි පරීක්ෂා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ජීවන්ත පීරිස් පියතුමා පසුගිය දා සම අයිතිවාසිකම් නම් සංවිධානය විසින් සංවිධානය කරන ලද 'වෙල්ලි මුල්ලි වයිකාල් වලින් එහා' යන මැයෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී ඉතා බරපතළ ප්‍රකාශයක් සිදුකළ බවත්, මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කළ බවත් මෙම ප්‍රකාශය හරහා ලංකාවේ සමාජයේ නොසංසුන් තත්ත්වයන් ඇති විය හැකි බවත් බහුජන බලය සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මැවීමක් සිදුකරමින් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් පළ කළ මාධ්‍ය නිවේදනයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ ‘රැවටෙන්න එපා’ යන සටහනට ප්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්දය යළි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා විසින් 2026/05/21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ් මහතා පවසයි.

ලෝකයේ දැවැන්ත බලයක් අද සමාජ මාධ්‍යවලට ඇති බවත්, ඒවා ජනාධිපතිවරු, අගමැතිවරු පරදා ඉදිරියට ගොස් අති බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු විදේශගතව සිටින සිය මිතුරන් පිරිසක් ඩොලර් මිලියන 23ක මුදලක් මෙරටට ලබාදීමට සූදානමින් සිටියද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින නීති රීති හමුවේ එය සිදු කිරීමට නොහැකි වූ බව ප්‍රකට සංගීත ශිල්පී සංගීත විජේසූරිය මහතා පවසයි.

පසුගිය රජයන්ට මෙන්ම වර්තමාන රජයටද තමන් රැවටුණු හෙයින් කබලෙන් ළිපට වැටුණු බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පවසයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 189.63 කින් (0.85%) පහත වැටීමෙන් පසු 22,175.14 ක් ලෙස සටහන් විය.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.