රුසියානු යුක්‍රේන දේශ සිමාවේ සිට කිලෝ මීටර 40 ක් පමණ රුසියාව තුලට වන්නට පිහිටි බෙල්ගොරොද් නගරයට ඊයේ(30) එල්ල වූ යුක්රේන හමුදා ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මේවන විට රුසියානු වැසියන් 21 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මොස්කව් සහ කියෙව් අතර ගැටුම ආරම්භ වූ දිනයේ සිට මෙතෙක් රුසියානු සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ "නරකම" ප්‍රහාරය මෙය බව බෙල්ගොරොඩ් කලාපයේ ආණ්ඩුකාර වියචෙස්ලාව් ග්ලැඩ්කොව් ටෙලිග්‍රාම් පණිවිඩයක් තබමින් පවසා සිටී. අද(31) උදෑසන සිය ටෙලිග්‍රැම් ගිණුමේ තවත් සටහනක් තබමින් ඔහු පවසා සිටියේ ප්‍රහාරය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ඊයේ(25) ඉරාන ඨස්නිම් පුවත් පත වාර්තා කළේය. ඔහු නමින් ජෙනරාල් සෙයිද් රාසි මූසාවි වන අතර ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) කියා සිටියේ ජෙනරාල් සෙයිද් රාසි මූසාවි ඊශ්‍රායල විරෝධී “ප්‍රතිරෝධී පෙරමුණට” සහාය දැක්වීම සඳහා සිරියාවේ කටයුතු කළ බවයි.
මොස්කව් පරිපාලන්ය “මිත්‍රශීලී නැතැයි” සලකන ජාතීන්ගේ නායකයින්ට මේ වසරේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්ප්‍රදායික අලුත් අවුරුදු සහ නත්තල් සුබ පැතුම් එවන්නේ නැති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සෙනසුරාදා TASS පුවත් සේවය වෙත පසමින් අවධාරණය කර සිටියේ රුසියාවේ මිතුරන්ට සහ සංධානගත රාජ්‍ය වල නායකයන්ට පමණක් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩ රුසියාවෙන් ලැබෙනු ඇති බවයි.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා