News Category
From Date
To Date
Maximum Number of Result

චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය. ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ප්‍රතිසංස්කරණ, විද්‍යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.

ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත යුතු බවට ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ බලය යොදා පරාජය කිරීමට අමෙරිකාව කටයුතු කර ඇත.

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද ආරම්භ වන අතර, ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

පසුගිය අප්‍රේල් 13 වනදා ඉරානය ඊශ්‍රායල භූමියේ තෝරාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරය සහ ඒ සඳහා බලපෑ හේතුද අනාගතයේ මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද කියුබානු විදේශ සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

ඉරානය ඊශ්‍රායලට එරෙහිව ඊශ්‍රායල භූමියට මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු යුද ආතතිය තවදුරටත් උත්සන්න වීම ස්ම්බන්ධයෙන් චීනයේ දැඩි කනස්සල්ල පළ කළ අතර ආතතිය වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස චීනය ඊයේ ගැටුමට මැදිහත්ව ඇති සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය බෝම්බ හෙලීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකි බව චීන විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් දෙරට අතර ආතතීන් උත්සන්න වීම වැලැක්වීමට නම්, තත්වය තවත් උග්‍ර කළ හැකි සහ ඉරානයට වැඩි හානියක් විය හැකි ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමෙන් ඊශ්‍රායලය වැළකී සිටීම අත්‍යවශ්‍යවන බව එම විශේෂඥයෝ පවසති.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු 13 දා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ පැවැති දුරකථන සංවාදයෙන් පසුව ඉරානයට එරෙහිව ක්ෂණික ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැලැස්ම අවලංගු කළ බව ඊශ්‍රායල නිලධාරීන් තමන් වෙත පවසා ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසයි.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.