කෘෂිකර්ම ඇමතිලා නැති ගොවි සමුළුව ගැන සහ පොහොට්ටුවේ රැළියට පැමිණි අර්ච්චුනා නිසා වූ අගතිය ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ හෙළිකරන කතාව..
ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් පසුගියදා උතුරු මැද පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද දේශපාලන රැලි මඟින් වත්මන් දේශපාලන පක්ෂවල පවතින අස්ථාවරභාවය සහ ප්‍රතිපත්ති විරහිත භාවය මනාව පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සඳහන් කරයි.
දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාළිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
පොළොන්නරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ගොවි සමුළුව සඳහා කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත හෝ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහභාගී නොවීම දැඩි ලෙස විවේචනයට ලක්විය.
ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට සෘජුවම වගකිය යුතු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා ගොවීන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක පැවැති මෙවැනි සමුළුවකට සහභාගී නොවීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද, වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු හමුවේ ගොවීන් දැඩි අර්බුදයක සිටින මොහොතක මෙවැනි හැසිරීමක් අනුමත කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් එම වේදිකාවට සම්බන්ධ කරගැනීම ප්‍රශ්න කළේය.
එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් තම "දෙවියා" ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වන මන්ත්‍රීවරයකු, ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසල අසුන්ගැන්වීම මඟින් පොහොට්ටුව තම දේශපාලන අනන්‍යතාව සම්පූර්ණයෙන්ම පවාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
තවද, දැඩි ලෙස ගිනිගෙන ඇති සහ සෞඛ්‍යමය වශයෙන් අපහසුතාවලින් පසුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ අරමුණින් පමණක් මෙලෙස වේදිකාවට නැංවීම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දෙපාර්ශ්වයේම රැලි සඳහා ජනතාව විශාල වශයෙන් සහභාගී කරවා ගත්තද, එම ජනතාවගෙන් බහුතරයක් මත්පැන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගෙනවිත් ඇති බවත්, ඔවුන් තමන් සහභාගී වන රැස්වීම කුමක්දැයි පවා නිසි සිහියකින් තොරව කටයුතු කරන ආකාරය සමාජ මාධ්‍ය දර්ශනවලින් පැහැදිලි වන බවත් සාකච්ඡාවේදී අවධාරණය විය.
රටේ පවතින සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය මුළුමනින්ම පිරිහීමට ලක්ව ඇති අතර, බලයට පත්වන කිසිදු පාර්ශ්වයකට රටේ පවතින මූලික ගැටලුවලට ස්ථාවර විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බව මෙම සංවාදයේදී පෙන්වා දෙන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්