අවුරුදු තුනකින් 4G කුළුණු 1000ක් ගහනවා.. ආයිත් සිග්නල් හොයාගෙන වහල උඩ යන්න ඕන නෑ..- ජනපති
රජය විසින් ක්‍රියාවට නංවන පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ, ඉදිරි වසර තුන තුළ දිවයින පුරා පූර්ණ අධිවේගී 4G ආවරණයක් ලබා දීම සඳහා අලුතින් සන්නිවේදන කුලුනු 1000ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අකුරැස්ස පැවති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතන සමඟ ජනතාවට සිදු කර ගැනීමට ඇති බොහෝ කටයුතු නිවසේ සිටම පහසුවෙන් ඉටු කරගත හැකි අයුරින් ඩිජිටල් පද්ධතිය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව පැවසූ ජනාධිපතිවරයා, එම පහසුකම් නිසි පරිදි භුක්ති විඳීමට නම් රට පුරා ශක්තිමත් අන්තර්ජාල සංඥා පද්ධතියක් පැවතිය යුතු බව පෙන්වා දුන්නේය.
"ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට ඩිජිටල් පද්ධතියත් සවිමත් කරනවා. එතකොට සිග්නල් තියෙන්න ඕන. වහල උඩට නගින්න. කන්දට නගින්න. ෆෝන් එක ඔබ ඔබ වටේ දුවන්න වැඩක් නෑනේ.
ලංකාවේ පළවෙනි වතාවට වැඩිම වේගවත් ඉන්ටර්නෙට් ජාලය 4G තාක්ෂණයෙන් ඉදිරි වසර තුන තුළ ලංකාව පුරාම ආවරණය දෙන්න කුලුනු දාහක් ගහනවා. ලබන අවුරුද්දේ අපි කුලුනු 250ක් ගහනවා. අවුරුදු තුනක් ඇතුළත කුලුනු දාහක් ගහලා මුළු රටම ආවරණය කරනවා."
එක් පසෙකින් රට තුළ පුළුල් දේශපාලන පරිවර්තනයක් සිදු කරන අතරතුර, අනෙක් පසින් සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ පවතින මෙවැනි ප්‍රායෝගික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමට රජය කැපවී ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..