උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යා යුතුයි.. බදු පදනම පුළුල් කළ යුතුයි.. - IMF රජයට කියයි..
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ වගවීමේ සීමාව තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව IMF කණ්ඩායම පෙන්වා දෙයි.
ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය වාර්ෂික පදනමින් සියයට 8ක් දක්වා ඉහළ ගිය බවද IMF සඳහන් කරයි.
කෙසේ වෙතත්, උද්ධමන අපේක්ෂා පුළුල් වශයෙන් පාලනය වී ඇති බවද එම කණ්ඩායම පවසයි.
මධ්‍ය කාලීනව මිල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා උද්ධමන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට මුදල් ප්‍රතිපත්තිය සූදානම්ව පැවතිය යුතු බවද IMF අවධාරණය කරයි.
ආහාර සහ බලශක්ති මිල ගණන්වල පවතින ඉහළ විචලනය හමුවේ සියයට 5ක වත්මන් උද්ධමන ඉලක්කය ශ්‍රී ලංකාවට අවශ්‍ය නම්‍යශීලීභාවය ලබාදෙන බවද IMF පවසයි.
අඩු සහ ස්ථාවර උද්ධමනයක් පවත්වාගෙන යාමේ වාර්තාවක් ගොඩනැගුණු පසු, ඉදිරි සමාලෝචනයකදී ඊට වඩා අඩු උද්ධමන ඉලක්කයක් වෙත ළඟාවීම සලකා බැලිය හැකි බවද එම අරමුදල සඳහන් කරයි.
මේ අතර, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිසාධනය මත පදනම් වූ බලශක්ති මිලකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද IMF අවධාරණය කර තිබේ.
රජයේ ආදායම් තිරසාරව ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසද IMF පවසයි.
බදු පදනම පුළුල් කිරීම, බදු සහන හා බදු ගෙවීම් දිරිගැන්වීම් තාර්කික කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු අනුකූලතාව වැඩිදියුණු කළ යුතු බවද එම අරමුදල පෙන්වා දෙයි.
මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අවාසිදායක අවදානම්වලට මුහුණ දෙන බවද IMF සඳහන් කරයි.
එවැනි අවදානම් හමුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රාජ්‍ය මූල්‍ය සහ බාහිර ආරක්ෂිත සංචිත යළි ගොඩනැගීම මෙන්ම මිල ස්ථාවරත්වය පවත්වාගෙන යාම වැදගත් බව IMF අවධාරණය කරයි.
IMF කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2026 වසරේ වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව සමාලෝචනය කර තිබේ.
2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ ශක්තිමත් ආර්ථික වර්ධනයේ 11 වන කාර්තුව බවද IMF පවසයි.
එමෙන්ම අගෝස්තු මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ නිල දළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවද IMF සඳහන් කරයි.
එමෙන්ම දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක බවද IMF අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..