News Category
From Date
To Date
Maximum Number of Result

නාමල් 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ්..

Sep 23, 2026 at 02:38 PM
|

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (23) නියෝග කළේය.

සිද්ධියට අදාල ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබීය.

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට මීළඟ නඩු දින අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එම නියෝගයේ සඳහන්ව තිබූ පරිදි එම කරුණු තුන පහත පරිදි වේ.

මෙම අධිකරණයේ අදාළ විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද?, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද? සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස මෙම සැකකරු නම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද? යන්නයි.

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි සැබෑ කුමන්ත්‍රණකරුවන් සහ මහ මොළකරුවන් කවුරුන්ද යන්න විධිමත් පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාව අවධාරණය කරයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද (23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ගමට සුදුසු 5G නොව 4G දුරකතන සම්ප්‍රේෂණ කුලුනු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර පවසයි.
ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ.
තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ගැසට් කර තිබේ.

ප්‍රධාන පුවත්

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?

දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..

2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

සවුදි අරාබිය මේ වන විට දැඩි දේශපාලනික සහ ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටින බවත්, සටන් විරාමයක් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙත පණිවිඩ යොමු කරමින් සිටින බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.