News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම මහතා චෝදනා කරයි.

පසුගිය දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපස දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් වර්තමානයේ පවතින බලශක්තිය අර්බුදයට විසඳුමක් ලෙස රුසියාවෙන් ලබාදුන් බොරතෙල් ලබාගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2026 අප්‍රේල් මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතා අභිරහස් ලෙස මියගොස් තිබේ.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඇමරිකාවෙන් චීනයට සහ ඉරානයට නිහඬව මාරු කිරීමට ගත් ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව මහාචාර්ය ජියැං Jiang Xueqin විසින් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ කරුණු අනාවරණය කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් රජය සතු නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ පෙනී සිටීමට සැලසුම් කර ඇති බවට තමන්ව දැනුවත් කර නොමැති බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපතිත්වය තමන් භාරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා නිවේදනය කරයි.


ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.