ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරට නීතියට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේත හෝ සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබියදීත්, පාසල් දරුවන් සහ ගුරුවරුන් පවා නිල ඇඳුමින් මෙම සැමරුම් සඳහා සහභාගී කරවාගෙන ඇති බවයි.
නීතිය සැමට පොදු බවට ජනාධිපතිවරයා සහ අගමැතිනිය ප්‍රකාශ කළද, උතුරේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී හා බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක නොවන බවත්, පසුගිය මැතිවරණ සමයේදී ඇති කරගත් එකඟතාවයන් මත මෙලෙස ක්‍රියා කිරීමට ඉඩ දී ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
එමෙන්ම නැගෙනහිර දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන්ට වගාබිම්වලට ඇතුළු වීමට ඉඩ නොදෙමින් බලපෑම් එල්ල වන බවටද, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අගතියක් වන ලෙස කටයුතු සිදුවන බවටද චෝදනා කළ ඔහු, ජාතික ආරක්ෂාව සහ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් සාමය පවාදීමට ඉඩ නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..