22 වන සංශෝධනයේ තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට යොමුකරන්න.. - නීතිඥ සංගමය
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, පනතක් සම්මත කරගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත බහුතරය සහ ජනමත විචාරණයක අවශ්‍යතාව තීරණය කිරීම පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය වන බවත්, එය සංශෝධනයේ උචිත බව පිළිබඳ තීන්දුවක් නොවන බවත්ය.
එබැවින්, ප්‍රමාණවත් විනිවිදභාවයකින් තොරව ඉදිරිපත් කළ මෙම සංශෝධනය මගින් සිදුවිය හැකි බලපෑම මෙන්ම, වෘත්තීය සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් දක්වා ඇති අදහස් කෙරෙහිද අවධානය යොමු කරමින් ස්වෛරී ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක තීරණයක් ගැනීමේ වගකීම මන්ත්‍රීවරුන් හට හිමිවන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..