News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ යටිතල පහසුකම්වලට විනාශ කිරීමට පිස්සෙකු මෙන් කටයුතු කරන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හේතුවෙන් යුද්ධයේ ප්‍රතිවිපාක එක්සත් ජනපද භූමිය දක්වා ගෙන ඒමට ඉඩ ඇති බව තස්නිම් පුවත් සේවය වෙත අදහස් දැක්වූ තොරතුරු මූලාශ්‍රයක් අනතුරු ඇඟවීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

යුද්ධයේ අඳුරු සෙවනැලි එසේම තිබියදී එක්සත් ජනපද-ඊශ්‍රායල මිලිටරි ආක්‍රමණයේ තාවකාලික සටන් විරාමයක් සාර්ථක කර ගැනීමට ප්‍රහාර අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කරන අත්‍යවශ්‍ය කොන්දේසි සපුරා නොගෙන ක්‍රියාත්මක කිරීම මගින් සතුරාට නැවත ගොඩනැගීමට අවස්ථාවක් ලබා දෙන බව තස්නිම් පුවත් සේවයේ විශ්ලේෂකයෝ පැවසූහ.

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ලක්විජය බලාගාරයේ 2026/2027 වාරය සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

බටහිර ඉරානයට ඇමරිකානු පාබල හමුදා භට පිරිස් ගොඩ බැස ගැටුම් ඇතිවී තිබෙන බවට පැතිරයන ආරංචි ප්‍රතික්ෂේප කරමින්, කුහ්-සියා කලාපයේ ජීවිත හානි සිදුවී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් මිස සෘජු ගැටුමකින් නොවන බව කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ මහතා අද(05) තස්නිම් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.