News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලද කුඩා ප්‍රමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි Sunday Times වාර්තා කරයි.

අප්‍රේල් 1 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික රූපවාහිනිය ඔස්සේ සිදු කළ දේශනයට හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ප්‍රකාශ දෙකක් අන්තර්ගත වූ අතර, එම ප්‍රකාශ දෙක එක්ව ගත් කල එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි:

දශක ගණනාවක් තිස්සේ, ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයේ පිහිටා සිටියේ එක්සත් ජනපද ඩොලරයයි. එය ජාතීන් අතර වෙළඳාම, ඉතිරිකිරීම් වලදී මෙන්ම බලය හැඩගස්වන අදෘශ්‍යමාන බලවේගයක් බවට පත්ව තිබේ.

ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා සිදුකළ කතාව තුළදී වක්‍රාකාරයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා තම රටේ යුද බලය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව පිළිගෙන ඇති බවත් එනම් ඉරානයට එරෙහිව ඔහු ඇරඹූ යුද්ධය අද ඔහුටම පාරාවලල්ලක් වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ඉරාන හමුදා විසින් ප්‍රකාශයකට අනුව අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස රතු මුහුද හරහා යුරෝපයට මුහුදු පතුලේ එලා ඇති අන්තර්ජාල කේබල් ජාලය කපාදැමුව හොත් ශ්‍රී ලංකාවට ද බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.

ඉරානයට එරෙහිව සිදුවන ඇමරිකානු - ඊශ්‍රායල සාපරාධී යුද්ධයට එරෙහි උද්ඝෝෂණයකට ඊයේ (3) දින ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි

වර්තමාන ආණ්ඩුවේ බහුතරයකගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති මහා පරිමාණ ගල් අඟුරු වංචාව වසා දැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට නොරොච්චෝලේ බලාගාරය තුළ කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ප්‍රවෘති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යය තුළ තොරතුරු සංසරණය වේ.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.