රජයේ ව්‍යාපාර සඳහා රජය ඇපවී නොගෙවූ ණය ප්‍රමාණය රු. බිලියන 1080..
රජය සතු ව්‍යවසායයන් වෙනුවෙන් රජය විසින් ඇප වී ඇති, මෙතෙක් පියවා නොමැති ණය ප්‍රමාණය 2025 වසර අවසන් වනවිට රුපියල් බිලියන 1,080.18ක් දක්වා ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කරයි. 2027 වර්ෂය සඳහා අදාළව ඉදිරිපත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
මෙම ණය ප්‍රමාණය පසුගිය වසර තුනක කාලය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සාමාන්‍ය අගයෙන් සියයට 3.59ක් බව එම වාර්තාවේ සඳහන් වේ.
වාර්තාවට අනුව, රජයේ ඇපකර මත ලබාගත් ණය අතරින් වැඩිම හිඟ ණය ප්‍රමාණයක් වාර්තා වන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවලිනි. ඒ අනුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 237.69ක් වන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය පියවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 209.46කි. මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති නොපියවූ ඇපකර ප්‍රමාණය රුපියල් බිලියන 201.94ක් ලෙස සටහන් වේ.
මෙම ප්‍රධාන ආයතන තුනෙහි පියවා නොමැති ණය ප්‍රමාණය, රජය ඇප වී ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සියයට 60ක් පමණ වන බව ද මුදල් අමාත්‍යාංශ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි