මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක.. ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ගත් බීලා..
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) දහවල් ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම ගැටුමට මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවා දීමේ සිද්ධියක් මුල් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය පියවර ගෙන තිබිණි.
පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කළ පිරිස අතරින් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, බරපතල තත්ත්වයේ පසු වූ තවත් රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.
ගැටුම අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව සහ කාර්යාලය කඩා බිඳ දමා, එහි තිබූ වේදනා නාශක ඖෂධ වර්ග පානය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
එමෙන්ම බන්ධනාගාරයේ කාර්යාලයේ ඉබියතුරු කඩා එහි තිබූ උපකරණවලට ද හානිකර ඇති බව පොලිසිය පවසයි.
පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ මතට නැග දැවැන්ත විරෝධතාවයක නිරත වී ඇති අවස්ථාවේදී, බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ එකවරම කඩාවැටී ඇති අතර, ඉන් වහළ මත සිටි රැඳවියන් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්ධන ඒකකය වහාම බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර, බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ මේ වන විට බන්ධනාගාරයේ ඇතුළත පාලනය රැඳවියන්ගේ ද සහාය ඇතිව සාමකාමී තත්ත්වයට පත් කර ඇති බවයි.
"බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් මෙම ගැටුම මෙහෙයවා ඇතැයි අනාවරණ වී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි