News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන් සැමරීම වෙනුවෙන් රණවිරු ස්මාරකය අසලට ගිය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එම ස්ථානයට යාමට නොදී සිදුකළ බාධාකිරීම සහ පහරදීම පිළිබඳව සර්වජන බලය පක්ෂයක් ලෙස දැඩි පිළිකුලින් හෙළාදකින බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

LTTE සංවිධානය සමග යුද්ධ කිරීමට තීරණය කළේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි බව අවබෝධ කරගෙන යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරු සමරු දිනය වෙනුවෙන් සටහනක් තබමින් පවසයි.

'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' අද(19) සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

යුද ජයග්‍රණයෙන් වසර 17ක් ගෙවුනද වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 5කට ආසන්න වර්ධනයක් අත්කර ගනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ ද, පවතින අවිනිශ්චිතතාවය හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

චීනය විසින් පාලනය කරන හම්බන්තොට වරාය ළඟ පිහිටි මත්තල ගුවන්තොටුපොළ විදේශීය ආයෝජකයන්ට ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ රජය තීරණය කිරීම මගින් ඉන්දියාවට ඉන්දියානු සාගරයේ උපායමාර්ගික මරමස්ථානයක පය තබා ගැනීමට මහඟු අවස්ථාවක් ලැබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කරයි.

එක්සත් ජනපදය ටෙහෙරානයට එරෙහි නාවික අවහිර කිරීම දිගටම කරගෙන ගියහොත් ඕමාන් බොක්ක ඇමරිකානු යුද නැව් සඳහා "සොහොන් බිමක්" බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළක් තම පාලනයට ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති බව ඉන්දීය පුවත්පතක් වන Times of India පුවත්පත අද දින(2026 මැයි 18) වාර්තා කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර චීනයේ දී සිදුවූ හමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසන්නේ මෙම හමුව ඓතිහාසික හමුවක් බවය.


දේශීය පුවත්

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..

ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.