

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.

දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්‍රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු එම ලිපියේ දක්වා තිබේ. නමුත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපිය මගින් පවසයි. තමා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් ඔහු එමගින් දන්වා තිබේ. කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොහැකි බවත් ජනතාව ආණ්ඩුව වෙත තබා ඇති විශ්වාසයෙන් ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බැවිනුත් තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් අශෝක රංවල මහතා සිය ලිපිය මගින් දන්වා තිබේ. එම ලිපිය පහතින්,

අද(13) රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදී ජනාධිපතිවරයා තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනතා විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

අද(13) රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදී ජනාධිපතිවරයා තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනතා විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවත් පැවසීය.
දේශීය පුවත්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..
සිමෙන්ති තොග මිල ඉහළට..
රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..
කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..
ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..
කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..
චමල් රාජපක්ෂ අත්අඩංගුවට?
