News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

Jul 22, 2026 at 02:47 PM
|

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව කරන යුද මෙහෙයුම් සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එක්සත් ජනපදයේ යුද ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සෙනෙට් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ මුහුණ දී ඇතැයි වාර්තාවේ.

ධවල මන්දිරය මැද පෙරදිග මෙහෙයුම් සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින අතරතුර, සෙනෙට් මණ්ඩලයේ ප්‍රතිපාදන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙග්සෙත්ගෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් ඉරාන යුද්ධය පිළිබඳව දැඩි ප්‍රශ්න මාලාවක් එල්ල කර ඇති බවද පැවසේ.

මෙම මස මුලදී එක්සත් ජනපදය සහ ඉරානය නැවතත් අන්‍යෝන්‍ය මිසයිල හා ගුවන් ප්‍රහාර හුවමාරු ආරම්භ කළ අතර, දෙපාර්ශ්වයම ප්‍රකාශ කළේ කලින් පැවති සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී ඇති බවයි.

ඊයේ (21) සෙනෙට් ප්‍රතිපාදන කමිටුව හමුවේ අදහස් දක්වමින් හෙග්සෙත් පැවසුවේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව පෙබරවාරි 28 දින ආරම්භ කළ ඉරානයට එරෙහි යුද මෙහෙයුම සඳහා මේ දක්වා ඇස්තමේන්තුගත වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක පමණ වියදමක් දරා ඇති බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, පෙන්ටගනය සඳහා කොංග්‍රසයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 87ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා සිටින බවත්, එයින් ඩොලර් බිලියන 67ක් මැද පෙරදිග යුද මෙහෙයුම් සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

"මෙම අරමුදල් නොලැබුණහොත්, අපගේ හමුදා සාමාජිකයන්ගේ වැටුප් ගෙවීමට, යුද උපකරණ හා අවි ආයුධ ඉක්මනින් ප්‍රතිපූරණය කිරීමට සහ අත්‍යවශ්‍ය යුද මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට බරපතළ හිඟයන්ට මුහුණ දීමට සිදුවනවා." යැයි හෙග්සෙත් පැවසීය.

මෙම විවාදයේදී ඩිමොක්‍රටික් සභිකයන් චෝදනා කළේ ජනාධිපති ට්‍රම්ප් තමන් ප්‍රකාශ කළ යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවත්, යුද තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කර ඇති බවත්ය.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ සෙනෙට් සභික කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (Kirsten Gillibrand) පැවසුවේ, හෙග්සෙත් මීට පෙර ඉරානයේ ඉතිරිව තිබූ මිසයිල තොග "දැඩි ලෙස විනාශ කර අවසන්" බව ප්‍රකාශ කළද, පසුගිය සතියේ ජෝර්දානයේදී ඉරාන ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇති බවයි.

"මේ හේතුව නිසාම නිව්යෝර්ක් වැසියන් බොහෝ දෙනෙක් ව්‍යාකූලත්වයට පත්ව සිටින අතර, මෙම යුද්ධය පිළිබඳ දැඩි කනස්සල්ලෙන් සහ අප්‍රසාදයෙන් පසුවෙති," ඇය පැවසුවාය.

ඊට පිළිතුරු දුන් හෙග්සෙත් කියා සිටියේ, ඉරානයේ ආරක්ෂක කර්මාන්ත පදනම බොහෝ දුරට විනාශ කර ඇති නමුත් භූගත පහසුකම් තවමත් පවතින බවයි.

"ඉරානය වසර 47ක් පුරා තම මිසයිල කඳු යට සඟවා තැබීමට උත්සාහ කර තිබෙනවා," යැයි ඔහු සඳහන් කළේය.

ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ජෝන් ඔසොෆ් (Jon Ossoff) ද හෙග්සෙත්ගෙන් ප්‍රශ්න කළේ, මාස හතරකට පෙර ඉරානයේ මිසයිල තර්ජනය සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවට kaLa prakaashaya රජය තවමත් විශ්වාස කරන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හෙග්සෙත් පැවසුවේ, "සෑම මිසයිලයක්ම විනාශ වී ඇති බව කිසිවෙකු කිසිදා ප්‍රකාශ කළේ නැහැ. ඉරානයට සම්පූර්ණයෙන්ම මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අහිමි වනු ඇතැයි අපි කිසිවිටෙකත් බලාපොරොත්තු වූයේ නැහැ," යනුවෙනි.

කෙසේ වෙතත්, මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට එක්සත් ජනපදය සමඟ සෘජුව තරඟ කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

හෙග්සෙත් සිය ආරම්භක ප්‍රකාශය සිදුකරමින් සිටියදී, ඉරානයට එල්ල කරන ඇමෙරිකානු ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායල යුද මෙහෙයුම් හෙළා දකින විරෝධතාකරුවන් කිහිප වතාවක්ම ඔහුගේ කතාවට බාධා කළහ.

එම විරෝධතා නොතකා හෙග්සෙත් කියා සිටියේ, මෙම යුද මෙහෙයුම ඉතා සාර්ථක එකක් බවත්, පෙර පැවති ඇමෙරිකානු පාලන මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් "මෝඩ යුද්ධවලට" රට ඇදගෙන යාමට ඉඩ නොදෙන බවත්ය.

"මිලිටරිමය වශයෙන් බලන විට, ආරම්භයේ සිටම ඉරානය සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව තිබෙනවා," යැයි හෙග්සෙත් ප්‍රකාශ කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.