ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
එක්සත් ජනපදය ඉරානයට එරෙහිව කරන යුද මෙහෙයුම් සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එක්සත් ජනපදයේ යුද ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සෙනෙට් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ මුහුණ දී ඇතැයි වාර්තාවේ.
ධවල මන්දිරය මැද පෙරදිග මෙහෙයුම් සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින අතරතුර, සෙනෙට් මණ්ඩලයේ ප්‍රතිපාදන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙග්සෙත්ගෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් ඉරාන යුද්ධය පිළිබඳව දැඩි ප්‍රශ්න මාලාවක් එල්ල කර ඇති බවද පැවසේ.
මෙම මස මුලදී එක්සත් ජනපදය සහ ඉරානය නැවතත් අන්‍යෝන්‍ය මිසයිල හා ගුවන් ප්‍රහාර හුවමාරු ආරම්භ කළ අතර, දෙපාර්ශ්වයම ප්‍රකාශ කළේ කලින් පැවති සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී ඇති බවයි.
ඊයේ (21) සෙනෙට් ප්‍රතිපාදන කමිටුව හමුවේ අදහස් දක්වමින් හෙග්සෙත් පැවසුවේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව පෙබරවාරි 28 දින ආරම්භ කළ ඉරානයට එරෙහි යුද මෙහෙයුම සඳහා මේ දක්වා ඇස්තමේන්තුගත වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක පමණ වියදමක් දරා ඇති බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, පෙන්ටගනය සඳහා කොංග්‍රසයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 87ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා සිටින බවත්, එයින් ඩොලර් බිලියන 67ක් මැද පෙරදිග යුද මෙහෙයුම් සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
"මෙම අරමුදල් නොලැබුණහොත්, අපගේ හමුදා සාමාජිකයන්ගේ වැටුප් ගෙවීමට, යුද උපකරණ හා අවි ආයුධ ඉක්මනින් ප්‍රතිපූරණය කිරීමට සහ අත්‍යවශ්‍ය යුද මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට බරපතළ හිඟයන්ට මුහුණ දීමට සිදුවනවා." යැයි හෙග්සෙත් පැවසීය.
මෙම විවාදයේදී ඩිමොක්‍රටික් සභිකයන් චෝදනා කළේ ජනාධිපති ට්‍රම්ප් තමන් ප්‍රකාශ කළ යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවත්, යුද තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කර ඇති බවත්ය.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ සෙනෙට් සභික කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (Kirsten Gillibrand) පැවසුවේ, හෙග්සෙත් මීට පෙර ඉරානයේ ඉතිරිව තිබූ මිසයිල තොග "දැඩි ලෙස විනාශ කර අවසන්" බව ප්‍රකාශ කළද, පසුගිය සතියේ ජෝර්දානයේදී ඉරාන ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇති බවයි.
"මේ හේතුව නිසාම නිව්යෝර්ක් වැසියන් බොහෝ දෙනෙක් ව්‍යාකූලත්වයට පත්ව සිටින අතර, මෙම යුද්ධය පිළිබඳ දැඩි කනස්සල්ලෙන් සහ අප්‍රසාදයෙන් පසුවෙති," ඇය පැවසුවාය.
ඊට පිළිතුරු දුන් හෙග්සෙත් කියා සිටියේ, ඉරානයේ ආරක්ෂක කර්මාන්ත පදනම බොහෝ දුරට විනාශ කර ඇති නමුත් භූගත පහසුකම් තවමත් පවතින බවයි.
"ඉරානය වසර 47ක් පුරා තම මිසයිල කඳු යට සඟවා තැබීමට උත්සාහ කර තිබෙනවා," යැයි ඔහු සඳහන් කළේය.
ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ජෝන් ඔසොෆ් (Jon Ossoff) ද හෙග්සෙත්ගෙන් ප්‍රශ්න කළේ, මාස හතරකට පෙර ඉරානයේ මිසයිල තර්ජනය සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවට kaLa prakaashaya රජය තවමත් විශ්වාස කරන්නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් හෙග්සෙත් පැවසුවේ, "සෑම මිසයිලයක්ම විනාශ වී ඇති බව කිසිවෙකු කිසිදා ප්‍රකාශ කළේ නැහැ. ඉරානයට සම්පූර්ණයෙන්ම මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අහිමි වනු ඇතැයි අපි කිසිවිටෙකත් බලාපොරොත්තු වූයේ නැහැ," යනුවෙනි.
කෙසේ වෙතත්, මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට එක්සත් ජනපදය සමඟ සෘජුව තරඟ කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
හෙග්සෙත් සිය ආරම්භක ප්‍රකාශය සිදුකරමින් සිටියදී, ඉරානයට එල්ල කරන ඇමෙරිකානු ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායල යුද මෙහෙයුම් හෙළා දකින විරෝධතාකරුවන් කිහිප වතාවක්ම ඔහුගේ කතාවට බාධා කළහ.
එම විරෝධතා නොතකා හෙග්සෙත් කියා සිටියේ, මෙම යුද මෙහෙයුම ඉතා සාර්ථක එකක් බවත්, පෙර පැවති ඇමෙරිකානු පාලන මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් "මෝඩ යුද්ධවලට" රට ඇදගෙන යාමට ඉඩ නොදෙන බවත්ය.
"මිලිටරිමය වශයෙන් බලන විට, ආරම්භයේ සිටම ඉරානය සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව තිබෙනවා," යැයි හෙග්සෙත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..