ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වා දෙන්නේ, රට තුළ දැනට ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලන හා සමාජයීය තීරණ පිටුපස මෙවැනි සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින බවයි.
ආණ්ඩුව හරහා රටට අවාසිදායක තීරණ සහ එකඟතාවලට එළඹීමෙන් පසු, ජනතා රෝෂය තීව්‍ර කරමින් ආණ්ඩුව බලයෙන් පහකිරීමේ සූදානමක් ඇති බවටද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම රටේ පවතින අර්බුදය අද වන විට උත්සන්න වී ඇති බවත්, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලණු කමින් ආණ්ඩුව කටයුතු කිරීම නිසා මෙම අර්බුදය තව තවත් උත්සන්න වන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කරයි.
මෙරට තිබෙන්නේ දුෂ්ඨතම බැංකු පද්ධතියක් බවත්, ඉන්දියාවේ වැඩිම ලාබ ලබන ආයතන 20 තුළ බැංකු ඇති බවත්, ඉන්දියාවේ කර්මාන්ත කරුවන් පවසන්නේ වැඩිම ලාබ ලබන ආයතන 20 අතර බැංකු තිබීමෙන් කර්මාන්ත කරුවන්ට අසාධාරණයක් සිදුවන බව යැයි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
අපේ රටේ බැංකු ප්‍රධාන ලාබ ලබන ආයතන 10 අතර සිටින බවත්, බැංකු සභාපතිලා අධික පොලියට ජනතාවට ණය දී ලොකුවට කයිවාරු ගසන බවත් පෙන්වා දෙන ඒ මහතා දේශීය කර්මාන්ත කරුවන් මෙමගින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්