News Category
From Date
To Date
Maximum Number of Result

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

Jul 22, 2026 at 04:46 AM
|

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේය.

පුරා දින හතක් තිස්සේ පැවැති පෙත්සම්කාර පාර්ශවයේ දේශන ද ඊයේ අවසන් කෙරුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ යළි සලකා බැලුණි.

ඒ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු හමුවේය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා එහිදී කරුණු දැක්වා සිටියේ මෙසේය.

"ස්වාමීනි, ISIS මතවාද ශ්‍රී ලංකාව තුළ දරුණු ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස 2016 වසරේ ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමුකර තිබෙනවා. එම මතවාද රට තුළ ව්‍යාප්ත වන අයුරු ඔහු එහිදී පෙන්වාදී තිබුණා. සිරියාවේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් මියගිය IS සංවිධානයට සම්බන්ධව සිටි ශ්‍රී ලාංකිකයකු ගැන යුද හමුදා බුද්ධි බළකාය විමර්ශනයක් සිදුකළා. පසුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් "සංකල්ප පත්‍රිකාවක්" සුරේෂ් සලේ සකස් කළා. ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවටත් ඔහු යෝජනා කළා. මේ සියල්ල ඔහු එවක ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කර තිබුණා. නමුත් ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සුරේෂ් සලේ සිදුකළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු අකමැත්ත පළකර තිබුණා. ඒ බව එවක යුද හමුදාපති ජගත් ක්‍රිශාන්ත ද සිල්වා ජනක් ද සිල්වා කොමිසමට ලබාදී තිබූ සාක්ෂියේ සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී කටයුතු පිළිබඳ සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණුවල යම් අඩාළ වීමක් සිදු වූ බව එවක හමුදාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව  සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බලකායෙන් ඉවත් කර මැලේසියාවට යවනවා. ඒ දේශපාලන හේතුන් මත. මේ ආකාරයට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කරන්නේ කෙසේද? ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ සොයා බලන බුද්ධි නිලධාරීන් එකිනෙකා රිමාන්ඩ් කළහොත් මෙම තත්වය පිටුදකින්නේ කෙසේ ද?" යනුවෙන් මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා 

" ස්වාමීනි... මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භූමියට අසාද් මවුලානා නමැති වරෙන්තුකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. අසාද් මවුලානා යනු දේශපාලන සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණය දැඩි අපහාසයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිට පහළටම දූෂිත බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ කෙසේද? මේක ලැජ්ජාවට කරුණක්. 2018 වසරේ පෙබරවාරි මස දිනක සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායමක් වනාතවිල්ලුව ප්‍රදේශයේදී හමුවූ බවට අසාද් මවුලානා කර ඇති ප්‍රකාශයත් අමූලික බොරුවක්. ඒ අවස්ථාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටියේ නෑ. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස මෙම ප්‍රහාරය පිළිබඳ සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර එවක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙත තමා වට්ස්ඇප් පණිවුඩයක් යවා තිබූ බව. රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටි බවට. එසේ නම් ඔහු පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත්තේ ඇයි?" 

යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

" ස්වාමීනි... සුරේෂ් සලේගේ මව කිතුනු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ  සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුනු දේවස්ථානයට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනකම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුනු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද ස්වාමීනි..?" යනුවෙන් විමසා සිටියා.

පුරා දින හතක් තිස්සේ පැවැති පෙත්සම්කාර පාර්ශවයේ දේශන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් ඊයේ අවසන් කරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි.

එම මූලික විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළේය.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.