News Category
From Date
To Date
Maximum Number of Result

මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර ඇති බව නිරීක්ෂකයෝ පවසති.

කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ බහුතර කොටස් හිමියා වන ජපානයේ Onomichi Dockyard Company Limited මෙම සතියේ සිට කළමනාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගම, සමාගමට නව උපායමාර්ගික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ .

ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව වාර්තා වේ.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ, වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ සහ මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසන පරිදි මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ලෙස ගැලීම හෝ හොටු හිරවීම, මස්පිඩු වල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ උගුර වණ වීම ආදියයයි.

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අංක 2414/02 දරණ ගැසට් නිවේදනය සහ 2414/04 දරණ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත් කරනු ලැබ ඇත.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කර තිබෙන බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව තිබියදී එම කිලෝවක් රුපියල් 220ට අලෙවි කිරීමට දීමෙන් ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් ඔහුව කැඳවා ප්‍රශ්න කිරීම සිදු නොකර පැමිණිලි කළ පාර්ශ්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවට සමාජ ක්‍රියාකාරිකයන් චෝදනා නගයි.

2024 උසස් පෙළ (උ/පෙළ) විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා අඩු කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා චක්‍රලේඛ දෙකක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

දිවයිනේ සියලුම නාගරික ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය අද(09) තරමක් අයහපත් මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ණ්ඹ්ර්‍O) පැවසයි. එම ආයතනයට අනුව දිවයින පුරා නගරවල වායු තත්ත්ව දර්ශකය 100 ත් 150 ත් අතර පරාසයක පවතින බවයි.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.