News Category
From Date
To Date
Maximum Number of Result

ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට, විපක්ෂයේ සිටියදී වත්මන් ජනාධිපතිවරයා විරුද්ධ වුවත්, මේ වන විට මාලිමා ආණ්ඩුව එය මුළුමනින්ම ඉන්දියානු සමාගමකට පැවරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා විසින් 2026/05/21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ් මහතා පවසයි.

ලෝකයේ දැවැන්ත බලයක් අද සමාජ මාධ්‍යවලට ඇති බවත්, ඒවා ජනාධිපතිවරු, අගමැතිවරු පරදා ඉදිරියට ගොස් අති බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ජපානය 2025 වර්ෂයේදී ලොව විශාලතම ශුද්ධ ණයහිමියන් අතර තුන්වන ස්ථානයට ඇද වැටී ඇති අතර චීනය විසින් ජපානය අභිබවා ගොස් තිබේ. 2024 දී ජර්මනියට මෙම දර්ශකයේ ඉහළම ස්ථානය අහිමි වීමෙන් පසු ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහත වැටීමක් සනිටුහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාවේ ස්ටාරොබෙල්ස්ක් ප්‍රදේශයේ ලුගාන්ස්ක් ප්‍රාන්ත අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදු නොවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය සහ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය යන සංවිධාන විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබේ.

ඉකුත් දා ටී. ඊශ්වර රාජා රවීකරන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් LTTE ත්‍රස්තවාදී නායක බාල්රාජ් නමත්තෙකු සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ කිරීමක් සිදුකර තිබේ.

ඉන්දියාවේ ප්‍රන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ලෙස පත්වූ ජෝෂප් විජේට තමිල්නාඩුව පසුගිය වසර 60ක් පමණ කාලයක් පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක පසෙකට තල්ලුකර ජයලබා ගත හැකිවූ බවත්, ඔහු විසින් ජනතාවට ලබාදුන් පොරාන්දු ඉටුකරීමට හැකිදැයි යන්න බලවත් ප්‍රශ්නය මෙහිදී මතුවන බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගයක් වන තේ කර්මාන්තයට සහ ඊට අනුබද්ධ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බුද්ධ ශාසනයට මේ වන විට අඳුරු යුගයක් උදා වී ඇති බවත්, එම අර්බුදයෙන් මිදීම සඳහා සිව්වනක් පිරිසම ඒකරාශී විය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.


දේශීය පුවත්

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..

ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.