News Category
From Date
To Date
Maximum Number of Result

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

Jul 24, 2026 at 05:50 AM
|

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පසුගිය කාලසීමාව පුරා අර්බුද රැසකට මුහුණ දී යන්තම් හිස ඔසවමින් සිටින සබරගමුව වෛද්‍ය පීඨයට මෙලෙස වෛද්‍ය සුදුසුකම් නොමැති අයෙකු පත් කිරීම හේතුවෙන් ලෝක වෛද්‍ය සභාවේ (World Federation for Medical Education) ප්‍රතීතනය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවත් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන සවිස්තරාත්මක ලිපිය පහළින්..

පසුගිය කාලයේ ඉතා දැඩි කතා බහට ලක්ව තිබු සබරගමුව වෛද්‍ය පීඨය ආරම්භයේ සිට  දීර්ඝ කාලයක් අර්බුදයකට ලක්වූයේ  එම පීඨයේ පීඨාධිපති වශයෙන් පත්ව සිටි වෛද්‍ය නොවන පීඨාධිපතිනියගේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිලිමත්භාවය හේතුවෙනි.

ඇය ප්‍රශ්නවලට විසදුම් සොයනු වෙනුවට ඒවා අර්බුදයක් කරා ගෙනගිය අයුරු පසුගිය කාලය පුරා අත්විඳ ඇත්තෙමු.  පසුගිය රජයන් යටතේද පුද්ගලිකව මෙම ලියුම්කරුද එවක වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ සාමාජිකයකු වශයෙන්  උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡා වලදී ඒ බව මනාව පැහදිලි විය.

එපමණක්ද නොව වෛද්‍ය නොවන පීඨාධිපතිනියක් හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවත්වෙන රැස්වීම් වලදී සහභාගි වීමට නොහැකි නිසා පිඨාධිපතිනිය නියෝජනය  කලේ වෙනත් අයෙකි. එබැවින් එම පීඨයේ ප්‍රශ්න ගැන සැබෑ අවබෝධයකින් කටයුතු කිරීමට තිබු අවස්ථාවන් මග හැරීගොස් තිබුනි. 

එසේම එකල වෛද්‍ය නොවන තැනත්තන් එම වෛද්‍ය පීඨයේ තනතුරු සදහා බදවා ගත් බවත් දෝශාරෝපනයක් එල්ලවිය. 

එවන් පසුබිමක ඉතාමත් අසීරුවෙන්  දීර්ඝ කාලයක් විවිධ අර්බුද ඔස්සේ  ඇදීගොස් යන්තම්  හිස ඔසවාගෙන ආ එම වෛද්‍ය පීඨය නැවතත් අර්බුදයකට සහ ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අර්බුදයකට ලක්වීමේ අවධානමකට මේ වන විට පත්වෙමින් ඇත.

ඒ මක් නිසාද යත් පසුගිය කාලයේ අර්බුදවලට මැදිවුවාසේ නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.

අපි මේ රටේ උසස් අධ්‍යාපන ඇමති ගරු අගමැතිනියගේ අවධානයට මෙය යොමු කරමින් විමසන්නේ ශ්‍රි ලංකාවේ රාජ්‍ය වෛද්‍ය පීඨයකට වෛද්‍ය නොවන තැනත්තෙක් පත්කීරීම හරහා ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවුවහොත් එහි වගකීම ගරු අගමැතිනිය භාරගන්නේද යන්න සහ එම වෛද්‍ය පීඨය අඛණ්ඩව ගැටලුවලින් තොරව පවත්වාගෙන යාමට තරම් සුදුසු වෛද්‍ය සුදුසුකම් සහිත පීඨාධිපතිවරයෙක් ඔබ රජයට සොයා ගත නොහැකිද යන්නයි.

එබැවින් අප මේ රටේ ගරු අගමැතිනිය හා රජයෙන් ඉල්ලා සිටින්නේ  අර්බුද රාශියක් මැද වර්ථමානයේ හිස ඔසවමින් සිටින සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් සුදුසුකම් සහිත වෛද්‍ය වෘත්තීයේ  සිටින අයකු  පත්කර ඉදිරියේදී අර්බුදයක් දක්වා ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි.

වසන්ත අල්විස් 

කැදවුම්කරු 

මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.
උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ප්‍රධාන පුවත්

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.