පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.
පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු මස 03 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.
"මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ නොහැකි බවටත්, මෙය අධිකරණය නොමඟයැවීමක් බවටත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සිය දේශනයේ දී ශානි අබේසේකර ආරක්ෂා කරමින් කරුණු ඉදිරිපත් කළා. එහෙත් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට හේතුවන කිසිදු සාක්ෂියක් ඇය අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. මගේ සේවාදායකයා විදේශගත වීමේ සූදානමක් නැහැ. ඕනෑම අවස්ථාවක පොලීසියට ප්‍රකාශ ලබාදෙන්නත් සූදානම්. එසේ තිබියදී ඔහු අත්අඩංගුවට ගතයුත්තේ ඇයි? ශානි අබේසේකර සතුටු කිරීමට ද? අත්අඩංගුවට ගැනීම කියන්නේ විමර්ශනයේ කොටසක් නොවෙයි."
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා
"නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අසාද් මවුලානා සම්බන්ධ ඡායාරූප කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළා. කාදිනල් තුමා, ඩග්ලස් දේවානන්දා, සම්බන්ධන්, ප්‍රභා ගනේෂන් යන අයත් එම ඡායාරූප වල සිටිනවා.
අසාද් මවුලානා මෙරටින් පලාගොස් ස්වීට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා සිටින පුද්ගලයෙක්. ඔහු මෙරට අධිකරණය දූෂිත යැයි ප්‍රකාශ කර තිබෙනවා. ඔහු තමයි අද තරු ගණයේ සාක්ෂිකරු බවට පත්ව සිටින්නේ. ශානි අබේසේකර පෙත්සම්කරු සමග කිසියම් අමනාපයකින් පසුවන අයෙක්. මගේ සේවාදායකයා ජනාධිපතිවරයා ලෙස පත්වූ විගස තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ස්ථාන මාරු කළ බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක සඳහන් කර තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සිදුවූ ස්ථාන මාරුවක්. මේකට ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් නැහැ. මේ තුළින් පැහැදිලි වෙනවා ශානි අබේසේකර පෙත්සම්කරු කෙරෙහි ද්වේෂ සහගත භාවයකින් පසුවන ආකාරය " යනුවෙන් සඳහන් කර සිටියා.
තවදුරටත් කරුණු දැක්වු ජනාධිපති නීතිඥවරයා
"මාවනැල්ල බුදු පිළිම වලට ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබිය හැකි බැවින් විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා ලෙස ඒ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම ශානි අබේසේකරගෙන් ඉල්ලීමක් කර තිබුණා. නමුත් ශානි අබේසේකර ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. සී.අයි.ඩී එකේ නිලධාරීන් 700 ක් පමණ සිටියත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට ඔහු පත්කර තිබුණේ නිලධාරීන් පස්දෙනෙක් පමණයි. මෙවැනි පුද්ගලයෙකු තමයි ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන්නේ. මේක ලැජ්ජාවට කරුණක් ස්වාමීනි "
පාස්කු ප්‍රහාර පිළිබඳව වූ විමර්ශන පැහැරහැරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙස කොමිෂන් සභා නිර්දේශයක් තිබෙනවා.
මෙවැනි පුද්ගලයෙකු කොහොමද මේ විමර්ශනය කරන්නේ?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ සේවාදායකයාට එරෙහිව මේ දක්වා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.නමුත් ඔහුව අත්අඩංගුවට පත්වීමේ අත්‍යාසන්න තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඒ නිසයි ඔහු අධිකරණයට ආවේ.ඔහු ඕනෑම ආකාරයක විමර්ශනයකට සූදානම්. එසේ තිබියදී අත්අඩංගුවට ගන්නේ ඇයි? " යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අගෝස්තු 3 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..