News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Jul 23, 2026 at 10:11 AM
|

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති. 

ඒ අනුව ලංකා ලීඩර් විසින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කුමක්ද යන්න විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස ඔහුගේ වචනයෙන්,

"චිත්‍රාංගනී විජේවීර කියන්නේ මේ රට බෙදුම්වාදී මරඋගුල් වලින් ගලවා ගැනීම සඳහා දරුවන් ස්වාමිවරුන් දන් දුන් භාර්යාවන් දස දහස් ගණනක් අතුරින් එක් සුවිශේෂී චරිතයක්. දරුවන් සමග ඇයට එම කැපකිරීම ජීවිත කාලයක් පුරා සිදුකිරීමට සිදුවුවත් ඇය ඒ සියල්ල දරා ගනිමින් ප්‍රතිපත්ති ගරුකව දුෂ්කර ජීවිතයක් ගෙවන බව ඇය පිළිබඳව දන්නා නාවික හමුදාවේ මනුස්සකම දන්නා බොහෝ නිලධාරීහු දනිති.

රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට පෙර ඇයට සහ දරුවන්ට පෞද්ගලිකව රැකවරණය සලසා ගැනීමට ඉඩ සැලසීම සාධාරණ ක්‍රියාවක් ලෙස පෙනුනද එහි පිටුපස දරු පවුල ඝාතනය කොට පළිගැනීම සහ ඒ මගින් සමස්ත සමාජය බියගැන්වීමේ මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් ක්‍රියාත්මක වූ බවට එදා බරපතළ සැකයක් තිබිණි. කෙසේ වෙතත් ඇය රෝහණ විජේවීරගේ කැපකිරීම්වලට සහාය වෙමින් ගතකළ ජීවිතය මගින් ලැබුනු පන්නරය තුළ ඒ පිළිබඳව හැඟීමක් තිබුනු බැවින් ආරක්ෂාව සඳහා ආණ්ඩුවට බාරවීමේ තීන්දුවක් ගැනීම ඉතා දියුණු සහ තර්කානුකූල ප්‍රවේශයකි. ඒ අනුව ආණ්ඩුවට ඝාතනය කළ රෝහණ විජේවීරගේ භාර්යාවට සහ දරුවන්ට ආරක්ෂාව සැලසීමේ වගකීම භාරගැනීමට සිදුවිය.

ඇය ඇතුළු දරුවන් නාවික හුමුදා භාරයට පත්වන්නේ ඒ අනුවය. එය හුදු පරිපාලනමය සහ දේශපාලන තීන්දුවක් පමණක් වූ අතර ඊට අදාළව අධිකරණය හෝ නීතිය මගින් අවසරයක් ලබාගෙන නොතිබිණි. කෙසේ වෙතත් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇයට සහ දරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ මානුෂීයව සලකමින් අධ්‍යාපනය ලබාදීමට ද ක්‍රියා කළේය. ඒ අනුව එම ක්‍රියාවලිය නීති විරෝධී සිරගත කිරීමක් හෝ රඳවා තබාගැනීමක් ලෙස සැලකිය නොහැක.

එම කාලය තුළ රෝහණ විජේවීරගේ හිතවතුන් ඇයට නිවසක් ලබාදී සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම සඳහා අවස්ථාව සැලසීම මුල්කරගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය නිසා ඊට බාධා එල්ල විය. ජවිපෙ හිටපු නායක සොමවංශ අමරසිංහයන් ද දරුවන්ගේ සුබසාධනය සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබූවද බාහිර පරිසරයේ දී ආරක්ෂාව සැපයීම පිළිබඳ ප්‍රශ්නයේදී මානසික බාධක පනවාගනු ලැබීය.

කෙසේ වෙතත් 2014 දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආරක්ෂාව ලබාදිය හැකි මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීරණයකින් නිවසක් ඇයට ලබාදීමට මැදිහත් විය. ඒ සඳහා අත්තිකාරම් මුදලක් ද නිවාස සංවර්ධන අධිකාරියට ගෙවනු ලැබීය. නමුත් ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්තිකාරම් ආපසු ගෙවීමකින් තොරව අදාළ වෙන් කිරීම අවලංගු කරනු ලැබීය.

මේ වන විට චිත්‍රාංගනී විජේවීර මහත්මිය සමග ජීවත් වන්නේ යම් ආබාධිත තත්ත්වයක් සහිත එක් දරුවකු පමණි. සෙසු දරුවන් අතරින් තිදෙනෙකු අධ්‍යාපන කටයුතු අවසන් කර නොමැති අතර ඔවුන් බාහිර පරිසරයේ ජීවත් වෙයි. ඒ පිළිබඳව විපක්ෂයට ඇති ප්‍රශ්නය කුමක් ද?. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටීමේ අරමුණ කුමක්ද?. ආණ්ඩුව අමාරුවේ දැමීමේ උවමනාව සඳහා ප්‍රශ්න කරනවා නම් රටේ ස්වෛරීභාවය ඉතා බරපතළ ලෙස පාවාදීම සහ ආරක්ෂාව බිඳවට්ටවා පරාධීනත්වයට නතු කිරීමේ ක්‍රියාවලියට අදාළව දිනපතා ප්‍රශ්න කළ හැකිය. ආණ්ඩුවේ වියදම් පිළිබඳව දුක්වන ඔවුන්ට අවුරුදු 21 ට අඩු මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූ දරුවන් හෙවත් වින්දිතයන් 8500ක් විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 වගන්තිය යටතේ ඇප ගැනීමට නොහැකි වන ලෙස සහ සිරගෙදර පාතාලයේ ගොදුරු බවට පත්කිරීම සඳහා දිනකට එක් අයෙකුට රු. 850 - 7000 ක මුදල් වැය කිරීම පිළිබඳව ද ප්‍රශ්න කළ හැක.

එසේත් නැතහොත් රෝහණ විජේවීරයන්ගේ වැඩිමහල් පුතු උවිඳු විජේවීර මහතාට තම ආචාර්ය උපාධියට අනුව රැකියාවක් ලබාගෙන ආණ්ඩුව විසින් රෝහණ විජේවීරගේ දරු පවුලට  ආහාර සහ නවාතැන් ලබාදීම සඳහා වැයකළ මුදල කොටස් වශයෙන් ගෙවන ලෙස  ඉල්ලා සිටීමේ හැකියාව ද ඇත. ඔහු තම ආචාර්ය උපාධිය මත විදේශීය විශ්ව විද්‍යාලයක රැකියාවක් කිරීම වෙනුවට දේශපාලනය තෝරාගැනීම ද විපක්ෂයට ප්‍රශ්නයක් විය හැක. ඔහුගේ දේශපානය ගැන කථා කිරීම හෝ ඔහුට උපදෙස් දීමට අපට අයිතියක් නැතත් ඔහු විජේවීර උරුමය අමතක කර දමා වර්තමාන ආණ්ඩුව සමග එක්වූවා නම් අද ඔහු ඇමති මණ්ඩල සාමාජිකයකු බවට විවාදයක් නැත. ඒ අනුව ඔහු තම පියාගේ දර්ශනය මත පදනම්ව දුෂ්කර මාවතක් තෝරාගැනීම පිළිබඳව ඔහුට ගරු කිරීමේ බාධාවක් නැත.

අවසාන වශයෙන් අදාළ ප්‍රශ්න කිරීම සිදුකළ විපක්ෂයේ දේශපාලන නායකයන්ට කිවයුත්තේ ආණ්ඩුව විජේවීර දරු පවුල වෙනුවෙන් වැයකළ මුදල ආපසු ගෙවීම සඳහා බල කරන්නේ නම් ඒ සඳහා අරමුදල් ගොඩනැගිය හැකි බවය. ඒ සඳහා මේ රටේ කෘතගුණ දන්නා මිනිසුන්  දස දහස් ගණනින් ඉදිරිපත් වනු ඇත.

රෝහණ විජේවීරයන්ගේ න්‍යායාත්මක මඟ පෙන්වීම, කැපකිරීම සහ ජීවිත පරිත්‍යාගය නොවන්නට අද මේ රටේ බෙදී වෙන් වී සුඩානයේ මිනිසුන් මෙන් එකිනෙකා මරාගන්නා දේශයක් බවට පත්වන බව දේශපාලනයේ මූලධර්ම තේරුම්ගත හැකි දේශපාලන නායකයින්ට නම් තේරුම් ගැනීමට අමාරු නැත. එදා බෙදුම්වාදයට එරෙහිව දියත් වූ ප්‍රචණ්ඩ විරෝධය ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය නිසා උත්සන්න වූ බව සහ ඊට අදාළව බොහෝ පාර්ශ්ව වන්දි ගෙවා ඇති බවට විවාදයක් නැත. නමුත් රට බෙදා වෙන්කර මරාගැනීමට සැලැස්වීමේ තත්ත්වයක් සමග සංසන්දනය කිරීමේ දී එය වසර 2500 කට අධික කාලයක් විවිධ යුගවලදී ශ්‍රී ලංකාවේ සභ්‍යත්ව රාජ්‍යය රැකගැනීම සඳහා ලක්ෂ ගණනින් මිනිසුන් විසින් සිදුකළ කැපකිරීම් අතරින් කොටසක් පමණි.

ඒ නිසා මහා කතාවක එක් වාක්‍යයක් වන විජේවීර පවුලට ආහාර සහ නේවාසික පහසුකම් ලබාදීමේ පිරිවැය ගැන කතා කරන විපක්ෂ දේශපලකයින්ට ඔවුන් ජීවත්ව සිටියහොත් කිසියම් හෝ දිනක මේ රටේ සැබෑ ඉතිහාසය නිවැරදිව ලියවෙන දවසක අනාගත මිනිසුන් රෝහණ විජේවීරයන්ට දෙවියෙකු සේ සලකා වැඳුම් පිදුම් කරන කාලයක් දැකගත හැකිවන බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය."

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.