News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නෝට්ටු මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම යනු දෙකක් බවත්, පුළුල් මුදල් සැපයුම සහ මුදල් අච්චු ගැසීම යනු තාක්ෂණිකව වෙනස් කරුණු දෙකක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රටේ පවතින විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති සබඳතාවය පිළිබඳව රජය නැවත සලකා බැලිය යුතු බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑමට හේතුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් යැයි ආණ්ඩුවේ නියෝජිතයේ පැවසුවද, අන් සියලු රටවලට වඩා ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් මිල ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යෑමට හේතුව එම යුද්ධය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන සම්බන්ධයෙන් සහ මෙවර වෙසක් මංගල්‍යයේදී රජය විසින් වසර 2570 ක් පැරණි බෞද්ධ රාජ්‍යයක උරුමය පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙන් ලිපියක් සම්පාදය කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

ධවල මන්දිරයට උපායමාර්ගයක් නැතැයි ඇතැම් විශ්ලේශකයෝ පවසුවද එය වැරදි නිගමනයක් බවත්, අමෙරිකාව උපායමාර්ගයකට අනුව ක්‍රියාත්මක වන බවත්, ප්‍රශ්නය නම් එය අතිශයින් භයානක වීම බවත් චීන-කැනේඩියානු ඉතිහාසඥයෙකු, භූදේශපාලන විශ්ලේෂකයෙකු සහ අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය Jiang Xueqin පවසයි.

දූෂණය වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට වර්තමාන රජය අසමත් වී ඇති බවත්, පවතින ගනුදෙනුවල විනිවිදභාවයේ බරපතල අඩුවක් පවතින බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

ඩිජිටල් තිරවලින් වැසුණු පන්තිකාමර යළිත් පොතට, පෑනට සහ කඩදාසියට ගෙනෙන අධ්‍යාපනික වෙනසක් ස්වීඩනයෙන් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.


දේශීය පුවත්

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..

ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.