News Category
From Date
To Date
Maximum Number of Result

මූල්‍ය විශුදධිකරණය සහ ත්‍රස්වාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් පදනම් කරගනිමින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකරයි. ජනාධිපතිවරයා මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද කියා ඔහු පුශ්න කරන අතර මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදවද ඔහු තම වීඩියෝව මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස කළ අරගලය දැන් රජයේ නිලධාරීන්ට ඒරෙහිව සිදු කිරීමට සිදුව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ , දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි.

රට වටේම තියෙන මුහුද පාවිච්චි කරලා හදාගන්න තියෙන ලුණු ටික මේ මොහොත වන විට පිටරටින් ගේන තත්වයකට පත්වී ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි. අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෂිනි සිල්වා මෙසේද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා විශේෂ 'X' පණිවුඩයක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

කවුරු කොකොහම කිව්වත් අපි බංකොළොත් භාවයෙන් මිදිලා නැහැ. අපිට ණය ගෙවන්න පටන් ගන්න තියෙන්නේ 2028 වසරේ. ඉතින් බංකොළොත් භාවයෙන් මිදුනා කියන්නේ මොන අර්ථයෙන්ද කියලා මට පැහැදිලි නැහැ. මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා මෙසේ පවසන්නේ වීඩියෝ සාකච්ඡාවකට ඒක්වෙමිනි.

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී ඇති බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇතිකරගත් එකඟතාවයන් පිළිබඳව මේ වන විට සමාජය තුළ ආන්දෝලනයක් ඇති තිබෙන බවත්, ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් එය ඒකාබද්ධ ප්‍රකාශනයක් ලෙස නිකුත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.