ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා මෙරට සිදුකළ නිල සංචාරය අතරතුරදී මෙම වැදගත් තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.
දෙරටටම උපරිම ප්‍රතිලාභ හිමිවන අයුරින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේදී නම් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත. ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී දැනට මෙරට ක්‍රියාත්මක වන, එහෙත් විවිධ හේතූන් මත මන්දගාමී වී ඇති ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඉන්දීය පාර්ශවය ඉල්ලීමක් කර ඇත.
විශේෂයෙන්ම දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධ කිරීම, සම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ද දෙපාර්ශවය එකඟතාවට පැමිණ ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට කඩිනමින් එළඹීමට ද සාකච්ඡා වී තිබේ.
එමෙන්ම, දෙණියාය රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සහ දිවයින පුරා අධ්‍යාපන ආයතන සඳහා උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද නියෝජිතයන්ගේ අවධානය යොමු විය. දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, අදාළ අභ්‍යන්තර ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ඊට අත්සන් තැබීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් ද ඉදිරියේදී මෙලෙසම සමාලෝචනය කිරීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..