කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, මහා විහාර වංශික ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමසිරිසද්ධම්ම නායක හිමියන් අවධාරණය කරන්නේ, මෙම උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි.
ප්‍රාදේශීය සභාව විසින් විහාරාධිපති හිමියන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ, විහාර භූමිය තුළ "පොදු මාර්ගයක" බාධක පවතින බවත්, ඒවා 2026 මැයි මසට පෙර ඉවත් කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
කෙසේ වෙතත්, අමරපුර නිකාය පෙන්වා දෙන්නේ 1959 මිනුම්දෝරු සිතියම් හෝ 1971 නගර සැලසුම් සිතියම්වල මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවයි.
2019 වසරෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ පිරිස් විසින් විහාර භූමිය වටා ඇති මාර්ගය භාවිතා කරනවා වෙනුවට, විහාර භූමිය මැදින් ගමන් කිරීමට හුරු වී ඇති බවත්, එය කිසිසේත්ම නීත්‍යානුකූල පොදු මාර්ගයක් නොවන බවත් මහා ලේඛකාධිකාරී හිමියෝ පෙන්වා දෙති.
2024 වසරේදී මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විශේෂ මිනුම් කටයුතුවලදී ද විහාර භූමිය හරහා මාර්ගයක් නොමැති බව තහවුරු වී ඇත.
මෙම ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව පොලිසිය විසින් ද වාර්තා කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් සහතික කර ඇති පසුබිමක, රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභාව මෙලෙස කටයුතු කිරීම ජාතීන් අතර සහජීවනයට ද බාධාවක් බව උන්වහන්සේ පවසති.
මෙම නීති විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ වන නිලධාරීන් 1969 අංක 22 දරන සිවිල් වැරදි පිළිබඳ වගකීම් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලිකව වගකීමට බැඳී සිටින බව ද අමරපුර නිකාය අනතුරු අඟවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් අදාළ ලිපියේ පිටපත් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..