News Category
From Date
To Date
Maximum Number of Result

මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..

Aug 16, 2026 at 03:41 PM
|

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් නොව, ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමේ තුච්ඡ අරමුණින් ගෙන එන්නක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනතා ප්‍රශ්න නොතකා හැරීම

අද වන විට රටේ වී විකුණාගත නොහැකි ගොවීන්, බදු බරින් මිරිකී වැසී යන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, රැකියා විරහිත තරුණයන් සහ බයිපාස් සැත්කම් හෝ ඖෂධ ලබාගත නොහැකිව පෝලිම්වල මියයන රෝගීන් දැඩි පීඩාවක පසුවන බව පෙන්වා දුන් සමරවීර මහතා, 22 වැනි සංශෝධනයෙන් මේ කිසිදු ජනතා ප්‍රශ්නයකට හෝ ඔවුන්ගේ ජීවිතවලට කිසිදු සහනයක් නොලැබෙන බව පෙන්වා දුන්නේය.

තොරතුරු වසන් කිරීම සහ විරෝධතා

මෙම සංශෝධනය ගෙන ඒමට එරෙහිව මහානායක හිමිවරුන් සිව්නම ජනාධිපතිවරයා වෙත යොමු කළ විරෝධතා ලිපිය යටගැසීමට ආණ්ඩුව කටයුතු කළ බවත්, නීතිඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් පමණක් මාධ්‍යයට මුදාහරිමින් අනෙක් පාර්ශ්වයන්ගේ මතයන් වසන් කර ඇති බවත් හෙතෙම චෝදනා කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 97% ක බහුතරයක්, අධිකරණ සේවා සංගමය, අන්‍යාගමික නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන පවා මෙම අධිකරණ ස්වාධීනත්වය වනසන ඒකාධිපති සංශෝධනයට විරුද්ධ බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව ගත යුතු සැබෑ අවදානම්

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අවදානම් ගනිමින් හෝ මෙම සංශෝධනය සම්මත කරන බවට කරන ප්‍රකාශ දැඩි විවේචනයට ලක් කළ ජයන්ත සමරවීර මහතා, ආණ්ඩුවට සැබවින්ම ජනතාව වෙනුවෙන් අවදානම් ගැනීමට අවශ්‍ය නම් ගත යුතු තීන්දු 3ක් යෝජනා කළේය:

1 විදේශ විනිමය පනත සංශෝධනය කිරීම: 

2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කර, අපනයනකරුවන් විදේශයන්හි සඟවා ඇති (පාර්ක් කර ඇති) ඩොලර් බිලියන 58 කට අධික මුදල් මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය රාමුව සකස් කිරීම.

2 අත්‍යවශ්‍ය සේවා මත පැනවූ වැට් බදු ඉවත් කිරීම: 

මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ පරිදි ජනතාව පීඩාවට පත් කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන සහ අත්‍යවශ්‍ය ආහාර මත පටවා ඇති වැට් (VAT) බද්ද වහාම අහෝසි කර ජනතාවට සහන සැලසීම.

3 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම: 

1978 ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය කරමින් කෑලි ඇලවීම වෙනුවට, විධායක ජනාධිපති ධුරය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමගිය තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.

ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහී යද්දී, පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 159 දෙනා යොදාගෙන මැතිවරණ කල්දමා තම බලය රැකගැනීමට දරන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයන් හෙළා දකින බවත්, පටු දේශපාලන පැවැත්ම වෙනුවෙන් ගන්නා මෙවැනි තීන්දු හමුවේ කිසිදු ජනතා ප්‍රසාදයක් ආණ්ඩුවට හිමි නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජයන්ත සමරවීර මහතා කරනලද සම්පූර්ණ දේශනය මෙසේය,

"සුබ උදෑසනක්. ආයුබෝවන්, සුබ උදෑසනක් මාධ්‍යවේදී සහෝදරවරුනි. අද මෙම මාධ්‍ය හමුව සඳහා මමත් සමඟ සහභාගි වෙනවා ජාතික නිදහස් පෙරමුණේ මොරටුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික සහෝදරයත්, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ සජ්ජය බණ්ඩාර සහෝදරයත් මේ මාධ්‍ය හමුව සඳහා අපත් සමඟ එකතු වෙනවා.

තමුන්නාන්සේලා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කර ගැනීම සඳහා මේ වන විට ආණ්ඩුව ඉදිරිපත් කොට තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර ඇති වෙච්ච සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉතාම හැඟීම්බර ලෙස, අනුරාගී ලෙස තමන් කවර හෝ අවදානමක් අරගෙන මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා කටයුතු කරන බවට සහතික කොට සපථ කර සිටියා.

ඒ වගේම ආණ්ඩුවේ සෙසු කොටස් ද, විශේෂයෙන් ඊයේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනාධිපතිවරයා අනුව යමින් මේ අවදානම ගැනීමේ වැදගත්කම පිළිබඳ කතා කරනවා. ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරු ද මේ අවදානම ගැනීම ගැන දැන් තොරතෝංචියක් නැතුව කතා කරනවා. මේ ජනාධිපතිවරයත්, ආණ්ඩුවත් මේ අවදානම ගන්නේ කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ?

වී ටික විකුණගන්න බැරුව ලතැවි ලතැවි මහ පාරවල්වල උද්ඝෝෂණ කර කර ඉන්න ගොවි ජනතාවට මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අයගේ ජීවිතවලට බලපෑමක් වෙනවද? දරාගන්න බැරි බදු බර හින්දා තමන්ගේ ව්‍යවසාය, ව්‍යාපාර කඩා වැටෙන, වැහෙන මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කර්මාන්තකරුවන්ට මේ සංශෝධනයෙන් තමන්ගේ ජීවිතවලට බලපෑමක් වෙනවද, වෙනස් වෙනවද? රැකියාවක් නැතිව ලතැවි ලතැවි ඉන්න රැකියා විරහිත උපාධිධාරීන්ට, උසස් පෙළ සමතුන්ට, අපොස සාමාන්‍ය පෙළ සමතුන්ගේ ජීවිතය මේ සංශෝධනයෙන් වෙනස් වෙනවද?

බයිපාස් සැත්කමක් කරගන්න විදිහක් නැතුව රුපියල් ලක්ෂ විස්සක් විසිපහක් හොයාගන්න විදිහක් නැතුව පෝලිම්වල මැරි මැරී වැටෙන රෝගී ජනතාවට මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සුගතියක් අත්වෙනවද, සහනයක් ලැබෙනවද? ගමේ ඉන්න ඉදිකිරීම් කර්මාන්තය කඩාගෙන වැටිච්ච හන්දා රස්සාවන් නැතුව ඉන්න පෙදරේරුවන්ට, වඩු කාර්මිකයන්ට, ඉදිකිරීම් කර්මාන්තයේ ඉන්න කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන්ගේ ජීවිත වලට පහසුවක් ලැබෙනවද මේ සංශෝධනයෙන්?

නැත්නම් ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉදිරිපත් කරපු ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දීපු මහා පොරොන්දු වලට සාධාරණයක් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉටු වෙනවද? මේ කාගෙවත් ජීවිත වලට සුගතියක්, ප්‍රගතියක් ඇතිවෙන්නේ නැත්නම් මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ, අවදානමක් ආණ්ඩුව ජනාධිපතිවරයා දරන්නේ කා වෙනුවෙන්ද?

මේ අන් කවරෙක්වත් වෙනුවෙන් නෙවෙයි, වී විකුණගන්න බැරි ගොවි ජනතාව වෙනුවෙන් නෙවෙයි, රැකියා පෝලිමේ ඉන්න උපාධිධාරීන් වෙනුවෙන් නෙවෙයි, කර්මාන්ත වැහීගෙන වැහීගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් වෙනුවෙන් නෙවෙයි, පෝලිම් වල මැරි මැරී වැටෙන රෝගී ජනතාව වෙනුවෙන් නෙවෙයි, ගම්වල ඉන්න අහිංසක පෙදරේරුවන්, වඩු කාර්මිකයන් වෙනුවෙන් නෙවෙයි, එදා වේල කොහොමද කන්නේ කියලා ලතැවි ලතැවි ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් නෙවෙයි, තමන්ගේ ගෙයි ණය මුදලේ වාරිකය, ගේ හදාගන්න ගත්ත ණය මුදලේ වාරිකය ගෙවා ගන්න බැරුව, තමන් ගත්තු වාහනයේ ණය මුදලේ නැත්නම් ලීසිං එකේ වාරිකය ගෙවා ගන්න බැරුව හූල්ල හූල්ල ඉන්න මේ රටේ මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් නෙවෙයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවදානමක් අරගෙන හරි ගේන්නේ ආණ්ඩුව තමන් වෙනුවෙන්! තමන් වෙනුවෙන්!

බලන්නකෝ මේ අවදානම ගන්නෙත්, මේ තමන් වෙනුවෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නෙත් මොන තරම් නිහීන විදිහටද, තුච්ඡ වැඩ කරමින්ද? දැන් මහානායක නාහිමිපාණන් වහන්සේලා සිව් නම විසින් ජනාධිපතිවරයාට මේ සංශෝධනය ගේන්න එපා කියලා කරන ලද ඉල්ලීමේ ලිපිය යට ගැහුවා. දැන් ඒක දොට්ට ඇවිල්ලා දැන් ගලේ පැහැරපු බළලුන්ට වෙච්ච වැඩේ වෙලා තියෙන්නේ.

ඊළඟට නීතිඥ සංගමය එක්ක පැවති සාකච්ඡාවේ ජනාධිපතිවරයාගේ අනුරාගී කතාව විතරක් මාධ්‍යයට නිදහස් කළා. නීතිඥ සංගමය ලිපියකින් ඉල්ලුවට පස්සෙත් ඒකෙත් දීලා තියෙන්නේ එක කොටසක් විතරයි. සමස්ත සාකච්ඡාව තවම දීලා නෑ. දැන් බලන්න මොන තරම් නිහීනයිද, මොන තරම් තුච්ඡයිද, මොන තරම් ජුගුප්සාජනකයිද, පිළිකුල් සහගතයිද කියලා. ඒ සාකච්ඡාවේ ජනාධිපතිවරයාගේ කතාව මාධ්‍යයට නිදහස් කරනවා නම් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ කතාව සහ එහි අදහස් දක්වපු සෙසු අයගේ කතාත් නැත්නම් ඒ සාකච්ඡාවේ සාකච්ඡා වාර්තාව මාධ්‍යයට නිදහස් කරන්න ඕනේ. තාමත් නෑ. බයයි! බයයි නිදහස් කරන්න. මහානායක ස්වාමීන් වහන්සේලා සිව්නමගේ ලියුමත් යට ගැහුවා, බයයි.

ඒ නිසා ආණ්ඩුව ඉතාම නිහීන විදියට, ඉතාම අලජ්ජ විදියට, ඉතාම දුප්පත් විදියට, ඉතාම තුච්ඡ විදියට, ජුගුප්සාජනක විදියට මේ ව්‍යවස්ථා සංශෝධනය කර තියාගෙන යන්නේ, නැත්නම් ආණ්ඩුව අනුරාගී කතා පවත්ව පවත්ව ජනාධිපතිවරයත් ආණ්ඩුවේ කොටසුත් අනුරාගී කතා පවත්ව පවත්ව මේ ව්‍යවස්ථා සංශෝධනය කර තියාගෙන යන්නේ තමන් වෙනුවෙන් මිසක් මේ රටේ මේ මහා පීඩාවන් අත්විඳින ජනයා වෙනුවෙන් නෙවෙයි කියන එක ඉතා පැහැදිලියි.

අපි ආණ්ඩුවට කියනවා ඔබට ඕන නම් ජනතාව වෙනුවෙන් අවදානම් ගන්න, මේ ආණ්ඩුවේ මිනිස්සු බලාපොරොත්තු වුණා එහෙම අවදානම් සහගත මැදිහත්වීම් කරයි කියලා. කවුරු වෙනුවෙන්ද? ජනතාව වෙනුවෙන්. දුකින් දුකට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් අවදානම් සහගත තීන්දු ගනී, අවදානම් සහගත තීරණ ගනී, ක්‍රියාමාර්ග ගනී කියලා. ගන්නකෝ, අපි ආණ්ඩුවට යෝජනා කරනවා, ජනාධිපතිවරයා අවදානම් සහගත තීන්දු ගන්න කැමති නම් මෙන්න ගන්න තියෙනවා තීන්දුවක්. 

ඒ තමයි මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය, ඩොලර් නැතිවීමේ ප්‍රශ්නය මතුවෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත. එවකට තිබ්බ විනිමය පාලන පනත වෙනස් කරලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා සිටියදී ගෙනාපු 2017 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත නිසා මේ රටේ අපනයනකරුවන්ට හැකියාව ලැබුණා තමන්ගේ අපනයන ආදායම් ලංකාවට ගෙන එන්නේ නැතුව ඒවා විදේශ ගිණුම්වල තැන්පත් කරන්න, නැත්නම් පාර්ක් කරන්න.

විජයදාස රාජපක්ෂ මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේදී 2024 අයවැය විවාදයේදී ඩොලර් බිලියන 58 ක් විදේශ ගිණුම්වල පාර්ක් කරලා තියෙනවා මේ අපනයනකරුවන් කියලා. ඒ කියන්නේ අපනයනකරුවන් එදා මේ පනත සම්මත වෙන්න ඉස්සෙල්ලා, මේ විනිමය පාලන පනත වෙනස් කරලා විදේශ විනිමය පාලන පනත ගේන්න ඉස්සෙල්ලා අපනයනයක් කළා නම් යම් අපනයනකරුවෙක් ඒ අපනයන ආදායම් මාස තුනකට ඉක්මවන්න කලින් රටට ගේන්න ඕනේ. නොගෙනාවොත් ඒක අපරාධ වරදක්. ඔහුට හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා, දඩ කන්න සිද්ධ වෙනවා. මේ අපරාධ වරද සිවිල් වරදක් බවට පත් කරලා දැන් තියෙන්නේ. 

ඒ නිසා අපනයනකරුවෝ කවුරුවත් තමන් අපනයනය කරන මුදල්, අපනයන ආදායම් ලංකාවට ගෙන එන්නේ නෑ. ඒවා එහේ විදේශ ගිණුම්වල පාර්ක් කරලා උණ්ඩියල් හරහා, හවාලා හරහා ලංකාවට එවනවා. වැඩි ආදායමක් ඒකෙනුත් උපයනවා රටට අයිති සල්ලි. ඉතින් ආණ්ඩුව අවදානම් ගන්න ඕන නම්, අවදානම් ගන්න කැමති නම්, රිසි නම් මේ විදේශ විනිමය පනත වෙනස් කරන්නකෝ. මේ පනත සංශෝධනය කරලා නැවත පෙර තිබිච්ච විනිමය පාලන පනත ගේන්නකෝ අවදානම් ගන්න ඕන නම්. ඒවනේ අවදානම්! ඒ අවදානම ගත්තොත් රටේ ජනයාගේ ජීවිතවලට ඒක බලපානවනේ. ඩොලර් හිඟයක් ඇතිවෙන්නේ නැති වෙන්න ඒක සාදනීය ලෙස බලපානවනේ.

එහෙනම් තවත් එකක් කියන්නම්. ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ සහතික කොට කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට තියෙන වැට් බද්ද, සෞඛ්‍ය වියදම් වලට තියෙන වැට් බද්ද, අධ්‍යාපන උපකරණ සඳහා තියෙන වැට් බද්ද අහෝසි කරනවා කියලා. ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ ඒ අවදානම අරගෙන IMF එක තරහ වෙයි කියලා බය නැත්නම් ඒ අවදානම අරගෙන අපේ රටේ ජනයා දුක් විඳිනවා, තමන් දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න. අද බයිපාස් සැත්කමක් කරගන්න බෑ, ලක්ෂ විස්සයි විසිපහයි. ඒකෙ වැට් එක විශාල වශයෙන් වැඩියි. බෙහෙත් පෙත්තට වැට් ගහනවා, ඉන්ජෙක්ෂන් එකට වැට් ගහනවා, ඊසීජී එකට වැට් ගහනවා, මේ හැම එකටම වැට් ගහනවා. මේ නිසා අද මිනිස්සු බෙහෙත් වේල් දෙකක් බොනවා නම් බොන්නේ එකයි. 

ඒ තත්වෙට තමයි ජීවිතය අකුලාගෙන තියෙන්නේ. මරණයත් ජීවිතයත් අතර දෝලනය වෙමින් ඉන්නේ අද රටේ රෝගී ජනතාව. ඒ රෝගීන්ගේ නාමයෙන් මේ සෞඛ්‍ය වියදම්වලට තියෙන වැට් එක අයින් කරන්නකෝ! අධ්‍යාපන වියදම් වලට තියෙන වැට් එක අයින් කරන්නකෝ! ඊළඟට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට තියෙන වැට් එක අයින් කරන්නකෝ! අවදානම් ගන්න ඕන නම් අන්න IMF එකත් එක්ක හැප්පෙන්නකෝ, මේ රටේ ව්‍යවස්ථාවත් එක්ක හැප්පෙන්නේ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක හැප්පෙන්නේ නැතුව.

ඊළඟට අපි ආණ්ඩුවට කියනවා අවදානම් ගන්න ඕන නම්, ජනාධිපතිතුමනි, මාලිමාවේ ආණ්ඩුවේ මහත්වරුනි අපි කියනවා, මේ 78 ව්‍යවස්ථාව ගෙනාපු දවසේ ඉඳන් මේ ව්‍යවස්ථාව පිළිබඳ ඔබත්, ඔබේ ව්‍යාපාරයත්, ජනතා විමුක්ති පෙරමුණත්, සෙසු මේ රටේ ප්‍රගතිශීලී, වාමවාදී දේශපාලන ව්‍යාපාරත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරත් මේ ව්‍යවස්ථාව පිළිබඳ දිගින් දිගටම තමන්ගේ විරෝධය, විවේචනය ඉදිරිපත් කරලා මේක සංශෝධනය කිරීම පිළිබඳ ඉල්ලා හිටියා. හැම මැතිවරණයක් සමයේදීම මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තුව ජනතාවට ඇති කළා. මාලිමා ආණ්ඩුවත් එහෙම ඇති කළා, මාලිමාවත් ජාතික ජන බලවේගයත් මැතිවරණ සමයේ මේ පිළිබඳ තොරතෝංචියක් නැතුව කිව්වා.

ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ අවදානම් ගන්න ඕන නම්, දැන් අවුරුදු දෙකකුත් ගතවෙලානේ තියෙන්නේ, ආණ්ඩුවට පුළුවන් මේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරලා, මුළුමනින්ම වෙනස් කරලා ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය... තමන් එදා 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් එක්ක එකඟතාවයකට ඇවිදින් තමන් ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ෂකයා නිහාල් ගලප්පත්ති සහෝදරයාව ඉවත් කරගත්තේ 95 ජූලි මාසෙ 15 ට පෙර ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන එකඟතාවය පරිදි තමයි තමන් ඉදිරිපත් කරපු ජනාධිපති ධූර අපේක්ෂකයාව ජනාධිපතිවරණයෙන් ඉවත් කරගත්තේ. ඉතින් එහෙනම් ආණ්ඩුවට පුළුවන් මේ ව්‍යවස්ථාව අපේ රටේ ජාතික සංවර්ධනයට දිරි දෙන්නේ නැති හන්දා, අපේ රටේ ජාතික සමගිය තහවුරු නොකරන හන්දා, සුළු ජන කොටස්වල අයිතිය මේකෙන් රැකෙන්නේ නැති හන්දා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. රටේ මූලික නීතිය ශක්තිමත් කරන, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, සුළු ජාතික අයිතීන් ශක්තිමත් කරන, මේ රටේ ගෞරවාන්විත සාමය ඉෂ්ට සිද්ධ වෙන, ජාතික සංවර්ධනයට දිරිදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්.

අන්න අවදානම් සහගත වැඩ! අන්න අවදානම් සහගත අභියෝග! මේ මොකක්ද මේ අවදානම? මේ අවදානම ගන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. මේ අවදානම ගන්නේ ආණ්ඩුව වෙනුවෙන්. දැන් ආණ්ඩුවට ඕනේ කම්මගෝ චිකාගෝ කියලා කොහොම හරි මොන බොරුවක් හරි කරලා, මොන සදාචාරය මකලා හරි, ප්‍රජාතන්ත්‍රවාදය වනසලා හරි, කටවල් බැඳලා හරි, ලියුම් යටගහලා හරි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ කණු 159 ලව්වා, පාර්ලිමේන්තුවේ ඉන්න ලයිට්... කණු 159 ලව්වා මේක සම්මත කරගෙන තමන්ගේ ආණ්ඩුවේ ආයු කාලය දීර්ඝ කරගන්න, ජනාධිපතිවරයාගේ ආයු කාලය දීර්ඝ කරගන්න, මැතිවරණ සිතියම් අකුලලා ආයු කාලය දීර්ඝ කරගන්න තමයි ඒ මජර තක්කඩි උවමනාවෙන් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ.

ඒ නිසා අපි කියනවා ලැජ්ජයි! ලැජ්ජයි ජනාධිපතිතුමනි, මාලිමාවේ මහත්වරුන්ට අපි කියනවා ලැජ්ජයි! ඒ නිසා අද මුළු රටම විතරක් නෙවෙයි, ජාතිකවත් ජාත්‍යන්තරවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් කියලා අද ජාතික විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මත නිකුත් කරලා තියෙනවා, මත ප්‍රකාශයට පත් කරලා තිබෙනවා රටේ සෑම සියලු බලවේගයක්ම. ලංකා ඉතිහාසයේ කවදාවත් නීතිඥ සංගමයේ 97% ක් එකඟ වූ අවස්ථාවකවත් මෙතරම් බහුතර බහුතර බලයක් රටේ ව්‍යවස්ථා සංශෝධනය හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ආණ්ඩුවකට එදිරි වුණේ නෑ. අධිකරණ සේවා සංගමය විරුද්ධයි, මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිව් නමම විරුද්ධයි, අන්‍යාගමික සංස්ථා විරුද්ධයි, මේ රටේ බහුතර ජනයා විරුද්ධයි, ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දැන් විරුද්ධයි.

එහෙම විරෝධතාවයන් තියෙද්දි පවා මේ ගේන්නේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ කාලය දීර්ඝ කරගන්න, තමන්ගේ ආයු කාලය දීර්ඝ කරගන්න. දන්නවා ආණ්ඩුවේ ආයු කාලය අවසන් කියලා. ආණ්ඩුවේ ආයු කාලය අවසන්, ජනතා ප්‍රසාදය බලගැන්වෙනවා, කුළුගැන්වෙනවා... විරෝධයන් හැම හතර වටින් මතුවෙනවා. දවස ගානේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මැතිවරණයට දීපු හැටනම ලක්ෂය ගැලවී ගැලවී ගැලවී ගැලවී පදාස පිටින් ගැලවී ගැලවී යනවා. ඒ හින්දා ගැලවි ගැලවි යනකොට අනාරක්ෂිත බවක් ඇතිවෙනවා. මේ අනාරක්ෂිත බවෙන් මිදෙන්න ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන, අධිකරණයේ ස්වාධීනත්වය වලපල්ලට යවන ඒකාධිපතිත්වයක්, ආඥාදායකත්වයක් අතට ගන්න 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා.

අපි ඒ නිසා කියනවා, ආණ්ඩුවේ මහත්වරුනි, ඔබට අවදානම් ගන්න ඕන නම්, ජනතාව වෙනුවෙන් අවදානම් ගන්න ඕන නම් මෙන්න තියෙනවා විවෘතව: 2017 ගෙනෙන ලද 2017 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත වහාම සංශෝධනය කරන්න, ඒක අවදානමක්. ජනතාවගේ පැත්තෙන් ජනතා හිතෛෂී අවදානමක්, ජනතා ප්‍රේමී අවදානමක්. සෞඛ්‍ය වියදම් වලට, අධ්‍යාපන වියදම් වලට, අත්‍යවශ්‍ය සේවාවන් වලට ගහපු වැට් බද්ද වහාම අහෝසි කරන්න, ඒක ජනතා හිතෛෂී අවදානමක්, ඒක ජනතා ප්‍රේමී අවදානමක්, ජනතාවට සහන සලසන අවදානමක්. ඒක ගන්න.

ඊළඟට මේ රට වනසපු 1978 ව්‍යවස්ථාව වාර ප්‍රකාශනයක් වගේ දැන් 21 වැනි වතාවටත් සංශෝධනය කරලා 22 වෙනි වතාවටත් සංශෝධනය කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුණු කූඩෙකට වීසි කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. ගෙනල්ලා මේ රටේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සහිත, ගෞරවාන්විත ජාතික සමගිය සහිත, මේ රටේ ජාතික ආර්ථික ගමනට දිරිදෙන, අපේ සභ්‍යත්වයන් වලට දිරිදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න. එවැනි ජනතාවාදී අවදානම් ගන්න. එහෙම නැතුව නිකං තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ ධූර කාලයේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අවදානම් ගන්න එපා. එහෙම අවදානම් වලින් ජනතාව තමුන්නාන්සේලාත් එක්ක එකට පෙළගැහෙන්නේ නෑ, ප්‍රසාදයක් හම්බවෙන්නේ නෑ."


සම්බන්ධිත පුවත් | Related News

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.