ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට..
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වන ජනතා අනුමැතිය පසුගිය මාස පහක කාලය තුළ 15%ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී 65%ක් ලෙස සටහන් වූ මෙම අනුමැතිය, ඉකුත් ජූලි මාසය වන විට 50% දක්වා අඩු වී ඇත.
ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ පවතින තත්ත්වය
රටේ ආර්ථිකය යහපත් අතට හැරෙන්නේද නැද්ද යන්න පිළිබඳ ජනතා මතය පෙබරවාරි මාසයේ පැවැති 64% සිට ජූලි මාසයේදී 42% දක්වා 22%කින් පහත බැස ඇත.
රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ යහපත් ප්‍රතිචාරය ද 57% සිට 38% දක්වා 19%කින් අඩු වී තිබේ.
රටේ සිදුවෙමින් පවතින සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත්භාවය පෙබරවාරි මාසයේ තිබූ 59% සිට ජූලි මාසයේදී 38% දක්වා පහත වැටී ඇත.
සමීක්ෂණය සිදුකළ ආකාරය
මෙම ජනමත සමීක්ෂණය 'රට හිතන හැටි' සමීක්ෂණ මාලාව යටතේ 2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ සිදු කර ඇත. ඒ සඳහා දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2,013 දෙනෙකුගේ නියැදියක් යොදාගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. - නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට..
දකුණු කොරියාවට කිම් සමඟ ඇති “ඉතා යහපත් සබඳතාව” ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනගාටුවට හේතුවෙලා
මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න..
ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?
යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!
22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..
දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..